ශ්‍යාමලී, ලෙස්ටර් සමග විවාහවෙලා තියෙන්නේ අවු: 18 දී. දැනට වයස අවු: 52 යි. සැමියට අවු: 53 යි.

පුත්තු 02 යි, දුවයි. විවාහ වෙලා. වෙනම පවුල් ජීවිත ගත කරනවා. සැමියා බයිට් හදලා විකුණනවා. මැය අරෙක්ෂක නියාමක වරියක් : වැඩ කළේ පානදුර මූලික රෝහලේ.

අප්‍රේල් 12 දින, රාත්‍රියේ ලෙස්ටර්ගෙන් ගුටිකන ඇය, නිවසින් පැන ගොස් දිවි බේරා ගන්නවා. පිංවත්ත පොලීසියට ගියාම, ඉස්පිරිතාලයට යන්න කියලා. පානදුර මූලික රෝහලට ඇතු`ඵ වෙලා ප්‍රතිකාර ගන්නවා.

රෝහල් පොලීසියෙන් නම ගම අහලා ලියා ගෙන යනවා.

මාසයක් ගත වෙන්න ඇවිත්. ඉන්න හිටින්න තැනක් නැතිව, ඇය, පිංවත්ත පොලීසියෙන්, ගත්තු ක්‍රියා මාර්ග ගැන ඇහැව්වාම, ඇයව ගෙන්වා, කටඋත්තරයක් ලියා ගන්නවා.

ලෙස්ටර් ඇයට, ගෙදරට එන්න දෙන්නේ නෑ. පොලීසිය, නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලක්වන පනතක් තියෙනවා. හදිසිඇමතුම් අංකයක් දීලා තියෙන්නේ. අමාත්‍යාංශයකුත් තියෙනවා. නීතිය ක්‍රියාත්මක නැහැ.

කාන්තාහිංසනය ගැන කථා කරන, සම්මන්ත්‍රන තියන, දේශන තියනඅයට, ශ්‍යාමලීගේ ප්‍රශ්නය ප්‍රශ්නයක් වී නැ.

ඒ ඇය, "කාන්තාවක්"නොව ගැහැණියක් වීම නිසාය.