පොලීසිය, ගජ මිතුරුකම් පවත්වන, නීති විරෝධී මත්පැන්, පෙරන්නන්, බෙදාහරින්නන් හා විකුණනන්නන් නිදැල්ලේ ඉන්න අතර, අසරණයින් හා අහිංසකයින් අල්ලා උසාවි දමා දඩ ගස්සනවා.

සත්ත්ව පාලනය රැකියාව කරගත්, කුමාරව අත්අඩංගුවට ගන්නේ, කොස් අතු, ඇල්බීසියා අතු කපන්න යමින් සිටියදී.

පොලීසිය, රැකලා ඉන්නේ ප්‍රදේශයේ නම ගිය කසිප්පු වෙලෙන්දියගේ ගෙදර. ඒ ගෙදර තිබී හසුවූ කසිප්පු මල්ල ආපස්සට ඒ ගෙදරටම ඇරලා, බොන්න ආපු අයෙක්වයි, `ඵවන්ට, කොස් කොළ කපන්න ගිය කුමාරවයි අල්ලා උසාවි දානවා.

කුමාර සන්තකයේ, අනවසරයෙන් නිපදවූ මත්පැන් හෙවත් කසිප්පු තිබූ බවට පොලීසිය උසාවියට කියනවා.

සම්ප්‍රදායට අනුව, චෝදනාව පිළිගෙන, දඩය ගෙවා, ගෙදර යන්න කුමාර සූදානම් වුනේ නෑ.

චෝදනාව ප්‍රතික්ෂේප කළ නිසා, ඇප මත මුදා හරිනවා. නඩුව කල් දානවා.

මේ නඩුව, අවුරුදු තුනක් හතරක්, සමහර විට පහක් හයක් ඇදෙනවා.

දඩයට වඩා හතර පස් ගුණයක් නීතිඥවරුන්ට ගෙවන්න වෙනවා.

නමුත් කුමාර නීතිඥ සහය නැතිව නියමිත දිනයට ඉදිරිපත් වෙන්න තීරණය කරලා.

පවතින ක්‍රමය තුළ, ඇති කරන පීඩනයට කුමාර ඔරොත්තු දෙයිද?

කාලයට බාර දෙමු. මේ අපරාධය කළේ, බුලත්සිංහල පොලීසියේ ජානක හා වල්පොල කියන පොලිස් කාරයින් දෙන්නා බවයි කුමාර කියන්නේ.