නීති නිලධාරිණී

ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව

`ථතර

නීති විරෝධී ලෙස රැකියාවෙන් නෙරපා, දූෂිතයින් රකින්න,

කරන බලපෑම් වළක්වාලන ලෙසට කරන ඉල්ලීම.

මරියා”, අවු: 36 යි, ජා.හැ.අ. 1988-----, විවාහක, (-----), දරුවන් 02 යි, (අවු: 16, පුතා, අවු: 13, දුව) ලිපිනය: ---------- ක`ඵතර. දු.අ. 077-----.

2024.08.26 වන දින දීය.

මා, දැනට - කම්කරු විනිශ්චයාධිකරණයේ පවරා තිබෙන, අංක: ---- දරන නඩුවේ, ඉල්ලුම්කාරිය වේ.

 02. මෙම නඩුව, මා පවරන ලද්දේ, 2024.07.31 දින දීය.

 03. 2016.11.09 දින, මා, ------ සාත්තු සේවිකාවක් ලෙස සේවයට බැඳුනු අතර, අත්තනෝමතිකව සේවය අවසන් කරන විට, මා එම ආයතනයේ අනුබද්ධ, ----------- වැඩිහිටි නිවාසයේ පාලිකාව වශයෙන් සේවය කරමින් සිටින ලදි.

 04. මාගේ සේවය අවසන් කරන බවට, ලිඛිතව දැනුම් දීමක් සිදු නොකරන ලද අතර, පූජක,---- ජූඩ් -----, මට විරුද්ධව, 2024.07.24, ----- පොලිස් ස්ථානයේ, ව්‍යාජ පැමිණිල්ලක් කරන ලදි.

 05. එම පැමිණිල්ලේ අංකය: -------, වේලාව, 17.30 වේ.

 06. මෙම ව්‍යාජ පැමිණිල්ල පිළිබඳව, 2024.08.31, දෙපාර්ශවය කැඳවා, විමර්ශනය කරන ලදි. ඒ අවස්ථාවේ, ඉදිරිපත්වූ, පූජක ජූඩ් ------, ව්‍යාජ චෝදනාව නැවත ප්‍රකාශ කර, මට, රැකියාව දිය නොහැකි බව ප්‍රකාශ කළා.

07. පොලීසිය, මට කම්කරු උසාවියට ගොස් නඩු පවරන ලෙසට උපදෙස් දී, ඒ වන විට මා නැවතී සිටි, ----කාමරයෙන්, වහාම පිටවන ලෙසට නියෝග කළා.

 08. ඒ අනුව, මා එදින, එකී කාමරයෙන් පිටවුනා. ඒ අනුව, මා එදින, 2024.07.27 ------ පොලීසියේ පැමිණිල්ලක් කරනු ලැබුවා.

 09. මාගේ රැකියාව අහිමි කිරීම ගැන, යුක්තිය ඉටු කර ගැනීමට, කම්කරු විනිශ්චයාධිකරණයට යොමු කිරීම සඳහා නීති ආධාර කොමිෂන් සභාවේ, ශාඛාව වෙත ගොස්, ආධාර ඉල්ලා සිටියා.

 10. නීති ආධාර කොමිෂන් සභාවේ, ශාඛාවේ, නිලධාරිණී --- මිය, කම්කරු විනිශ්චයාධිකරණයේ, නඩු පැවරීමට අදාළ ඉල්ලුම් පත්‍රය සකස් කර දුන්නා.

 11. එකී පැමිණිල්ල, `ඵතර කම්කරු විනිශ්චයාධිකරණයේ ගොනු කිරීමෙන් පසුව,නීති ආධාර කොමිෂමේ, නීති නිලධාරිණී --- මිය, දෙපාර්ශවයම, බේරුම්කරණයක් සඳහා කැඳවනු ලැබුවා.

 12. 2024.08.09 දාතමින් කරන ලද කැඳවීමට අනුව මා, 2024.08.14 දින ඉදිරිපත් වුනා.

13.------- ආයතනය වෙනුවෙන්, පූජක ජූඩ්, නීතිඥවරියෙකු මාර්ගයෙන් ඉදිරිපත් වුනා.

 14. එකී බේරුම්කරණ ස්ථානයේදී, පූජක ජූඩ් , ඔහුගේ නීතිඥවරිය (අනන්‍යතාවය හෙලි කළේ නැත) ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් මා දැඩි අපහසුතාවයට පත් කරනු ලැබුවා.

 15. යම් පුද්ගලික හේතුවක් මත, නීති ආධාර කොමිෂන් සභාවේ, නීති නිලධාරීණිය, “යුක්තියවෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වූවා.

 16. ඇය, ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා, තමාට, “මාවෙනුවෙන් ඉදිරිපත් විය නොහැකි බව. (පුද්ගලික හේතු මත) නඩුව පරාජය වන බව කිව්වා.

 17. මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ, කාදිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ,අප සමාජයේ බලයඇති පුජකවරු 6කි.

එම නිසා, මා, මේ අවස්ථාවේ, පසුබිම පැහැදිළි කර දීම ඉතා වැදගත් අත්‍යාවශ්‍යය කරුණක් වේ.

 18. මට, ------ආයතනයේ ආරම්භක හිමිකාරීත්වය දැරූ, ------ මහත්මිය ප්‍රකාශ කර සිටි පරිදි,

 (i)1988 වසරේ මාර්තු මාසයේ හෝ ආසන්න මාසයක, ජේ.වී.පී. කලබල සමයේ, රාත්‍රී 8.00ට පමණ, කාන්තාවක් පැමිණ, මාව ඇයට බාර කළ බව.

(ii)ඒ අවස්ථාවේ, මාගේ මවගෙන්, ලිපියක් ලියවාගෙන, මාව බාරගත්තු බව.

(iii)මාව, බාර දුන්න දිනය, මවගෙන් ලියා ගත්තු බව, කියන ලිපිය, ඒ වන විට, ඇය සතු ගොනුවල තිබූ නමත්, එය බැලීමටවත් ඉඩ නොදුන්න බව.

(iv)අහම්බයෙන්, මාගේ ගොනුව බලා ගන්නට ලැබූ අවස්ථාවේද, මාගේ මව ලියපු බව කියන ලද ලිපිය, (----- අකුරෙන්) දැක ගන්නට ලැබුන අතර, එහි මවගේ නම, කරුණාවතී ලෙසසඳහන්ව තිබූ බව.

(v)එහි අත්සන දෙමළ බසින් තිබූ බව.

(vi)මම උපන්නේ කෙසේද? එනම් කුමන රෝහලකද? කුමන දිනයකදී ද? යන්න අද දක්වාම මට රහසක්ව ඇති බව.

(vii)මට, අද දින දක්වාම, උප්පැන්නයක් නොමැති බව.

(viii)මට, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන්න අනුමාන වයස් සහතිකයක් ඇති බව.

(ix)එම සහතිකය හා දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතික උපයෝගී කරගෙන, ජාතික හැඳුනුම්පත සාදාගෙන ඇති බව.

(x)මාගේ තොරතුරු ඇතුළත් සම්පූර්ණ ලිපි ගොනුව, අදටත්, ආයතනයේ බාරව කටයුතු කරන, (අධ්‍යක්ෂ) පූජක ජූඩ්, බාරයේ ඇති බව. ඔහු එම ගොනුව, 2024.08.14 දින, නීතිආධාර කොමිෂම --- පැවති බේරුම්කරණ ස්ථානයට රැගෙන විත් තිබූ බව.

(xi)මා, ඒ අනුව, වයස මාසයක සිට, මාගේ මව, පියා ගැන, කිසිදු දැනුවත් බවක් නැතිව,

(xii)මාගේ උපන්දිනය, සඟවාගෙන ඇති දැඩි කරන ලද බව.

(xiii)නිවාසයේ සිටියදී, අනුමාන වයස අනුව, 18 වූ විට, 2006 වසරේ මාගේ දැඩි අකමැත්ත මත, පුද්ගලයෙකුට විවාහ කර දුන් බව.

(xiv)විවාහය සමග, ------- මහත්මිය විසින්, මට පදිංචිය සඳහා නිවසක් ලබාදුන්න බව.

(xv)ඒ අනුව, 2006.11.23 විවාහ වූ දින සිට, එකී නිවසේ පදිංචිව සිටි අතර, මට දරුවන් දෙදෙනෙකු ලැබින.

(xvi)2016 වසරේදී, අපරාධ ගණනාවකට, සැමියා අත්අඩංගුවට පත්ව, බන්ධනාගාරගත වූ බව.

  • මා, එම පසුබිම යටතේ, සාත්තු සේවිකාවක් වශයෙන්, -- ආයතනයේ, සේවයට ගිය අතර, දරුවන් නේවාසිකාගාරගත කරනු ලැබුවා.
  • එසේ සේවය කරමින් සිටින අතර, 2023 ඔක්තෝබර් 23, අධ්‍යක්ෂවරයාගේ පත්වීමෙන් පසුව, මට අසත්‍ය චෝදනා නගමින් පීඩාවට පත්කරන ලද බව.
  • 2014.02.01 මා, රාජකාරි වලින් ඉවත් කර, අත්තනෝමතිකව සෙවය නැවැත්වූ බව.
  • ඉන් අනතුරව, 2024.07.30 දින සිට, සේවය නැතිව සිටි බව ප්‍රකාශ කර සිටිමි.

මෙම පසුබිම තුළ, කම්කරු විනිශ්චයාධිකරණයේ පවරන ලද නඩුව, ඉදිරියට ගෙනයෑමෙන් වළකින බවට, මාගෙන් ලබාගත් ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවද, වැඩිදුරටත් ප්‍රකාශ කරමි.

විශේෂයෙන් ඔබ කැඳවූ, “බේරුම්කරණයනීත්‍යානුකූල නොවන බවද, එය කතෝලික සභාව හා එක්ව සිදුකරන කිසිදු සාධාරණයක් නොවන එකක් බවද ප්‍රකාශ කර සිටිමි.

මෙයට අමතරව එම අවස්ථාවේ, අධ්‍යක්ෂක පියතුමා අමතන ලද ලිපියක් මට කියා ලියවා ගන්නා ලදි. එම ලිපියද, මා ඉල්ලා අස්කර ගන්නා බවත්, එහි කිසිදු වලංගුතාවයක් නොමැති බවද ප්‍රකාශ කරමි.

මෙයට,

 “මරියා

පිටපත:

සභාපති

නීති ආධාර කොමිෂන් සභාව

129, `ඵත්කඩේ වීදිය

කොළඹ 12