ඔබගේ අංකය: 2024 හා දිනය: 2024.09.09

උන්ගාරත්නගේ ජීවරානි ප්‍රනාන්දු

අංක: 1/9, දුම්රිපොල පාර

පානදුර

2024.09.30

අරුණ ප්‍රේමශාන්ත මයා

පළාත් අධ්‍යක්ෂ (බ.ප.)

ජාතික පොලිස් කොමිෂන් සභාව

අංක : 09, BMICHපරිශ්‍රය

බෞද්ධාලෝක මාවත

කොළඹ 07

 පානදුර දකුණ පොලීසියේ නිලධාරීන්ගේ පූර්ණ සහය ඇතිව අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් බලහත්කාරයෙන් ඉඩමට ඇතු`ඵ වී හිංසා කර, තර්ජනය කර, අලාභහානි කිරීම පිළිබඳ පැමිණිලිවලට මාස 02 කට වැඩි කාලයක් ගතව ඇතත් කිසිදු පියවරක් නොගැනීම.

 උක්ත කාරණය සම්බන්ධයේන්, ඔබගේ අංක: 2024 හා 2024.09.09 දින දරන ලිපිය හා බැ`දේ.

 ප්‍රථමයෙන් ඔබගේ පිළිතුර ගැන මාගේ දැඩි අප්‍රසාදය පළකර සිටිමු.

 මන්ද ඔබ, “හොරාගේ අම්මාගෙන් පේන අසනවාප්‍රස්ථා පිරුල සනාථ කර ඇති හෙයින්ය.

 නියෝජ්‍ය පොලිස්පති ක`ඵතර දිසාව මගින් ඔබ සිදුකළාය යන විමර්ශනය හා අදාළ වාර්තාව අනුව, ඔබ ලබාදී ඇති පිළිතුර, වැඩිදුරටත් පැහැදිළි කර ඇත්තේ ඔබ කිසිදු විමර්ශනයක් කර නොමැති බවයි.

 නියෝජ්‍ය පොලිස්පති, `ඵතර දිසාව සිදුකර ඇත්තේ, තමා යටතේ සිටින නිලධාරීන්, එනම් වරද සිදුකළ නිලධාරීන් සූදානම් කිරීමය.

 මෙය පැහැදිළි කිරීම සඳහා ක`ඵතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඔබ වෙත ඉදිරිපත් කර තිබෙන විමර්ශන වාර්තාව මා වෙත ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලමි.

 එවිට, කරුණු පැහැදිළි කරදීමපහසු වනු ඇත.

 ප්‍රමාද නොකර, එකී වාර්තාවේ පිටපතක් ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලමි.

 මෙයට,

උන්ගාරත්නගේ ජීවරානි ප්‍රනාන්දු