SC(FR)application No 298/05 දරන වාර්තාගත
මූලික අයිතිවාසිකම් පෙත්සමේ, පෙත්සම්කරුවෙකු වූ,
ක්රිස්ටිව (අවු: 61* සාලියවැව පොලීසියේ, 2016.10.14
අත්අඩංගුවට ගන්නේ, ඔහු, සතුව තිබූ රුපියල් ලක්ෂ 2 1/2
කට වැඩි වටිනා තේක්ක සමගය.
2006.10.15 දින, පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමෙන් පසුව, ආරම්භ වන නඩුව, අවසාන වන්නේ, 2024.05.07
දින දීය. නඩු භාණ්ඩ මුදාහරින ලෙසට නියෝග කරන්නේ, 2024.05.28 දිනය.
නමුත්, නඩු භාණ්ඩ නැති බව, අධිකරණයේ රෙජිස්ට්රාර් ඇතු`ඵ,
නිලධාරීන් කියා සිටී.
ඔවුන් පවසා සිටියේ, නඩු භාණ්ඩ ගැන සාලියවැව පොලීසියෙන්
අසන ලෙසටය.
පොලීසිය ප්රකාශ කරන්නේ, තමන් සතුව නඩු භාණ්ඩ නැති බවයි.
අත්අඩංගුවට ගෙන, ඊට පසුව, අධිකරණයට ඉදිරිපත් කරන ලද
කියන ‘‘නඩු භාණ්ඩ’’ ලබාදෙන ලෙසට ක්රිස්ටි, අධිකරණයෙන් මෙන්ම
පොලීසියෙන් ලිඛිතව ඉල්ලා සිටියද, අවම වශයෙන් ඉල්ලීම
ලැබුන බවත්, දැනුම් දීමට, නිලධාරීන් සදාචාර වී නැත.
මාස 08 ක් ගතවූ පසුවද, ‘‘නඩු භාණ්ඩ’’ ගැන, ගරු අධිකරණයෙන්
හෝ පොලීසියෙන් හෝ පිළතුරක් නොමැති නිසා, අධිකරණ සේවා
කොමිෂන් සභාවට, වැ.බ. පොලිස්පතිවරයාට, අපරාධ වින්දිතයින්
සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදඟා වූ ජාතික අධිකාරියට,
පොලීසිය, අත්අඩංගුවට ගෙන, නඩු භාණ්ඩ වශයෙන් උසාවියට
ඉදිරිපත් කරන ලද රු: ලක්ෂ 2 1/2 වැඩි වටිනාකමකින් යුතු
තේක්ක දැව හෝ එහි වටිනාකම ලබාදෙන ලෙසට හා භාණ්ඩ
අතුරුදහන් කිරීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය
පියවර ගන්නා ලෙසටද ඉල්ලා තිබේ.