1.පොලිස්පති, පොලිස් මූලස්‌ථානය, කොළඹ

2.සභාපති, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, 14, ආර්. එ. ඩි. ද මැල් මාවත

කොළම 04

මහරගම පොලිසියේ, අපරාධ අංශයේ නිලධාරින් දෙදෙනෙකු යම් බලපෑමකට හෝ අයුතු සම්බන්ධකමකට හෝ පොලිසියේ බලතල අයුතු ආකාරයට හා නීති විරෝධීවරණ භාවිතා කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම.

කුමාර, අවු-31යි, ජා. හැ.අංකය- 93---.විවාහක. දරුවන් 01යි. ත්‍රි රෝද රථ රියැදුරු.

17කනුව,-----------විට. දු.අංකය- 074 ----.

2024.11. 10 පැය 14.20ට මහරගම පොලිස් ස්ථානයෙන්, ---පොලිසියට එවන ලද පොලිස් පණිවිඩය ලැබීමෙන් අනතුරුව, දන්වා තිබූ පරිදි 2024.11.12 වන දින පෙ.ව.10.30 මහරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පෙනී සිටියෙමි.

පොලිස් පණිවිඩයට අනුව මා කැඳවා තිබුණේ බරපතළ අපරාධයකට අදාල පැමිණිල්ලක් විමර්ශනය කිරිම (gcib) සදහාය.

එම පණිවිඩය ඒවා තිබූ මහරගම පොලිසියේ අපරාධ අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනාම මා රුපියල් 21.000.00 සපත්තු දෙකක් අරගෙන තියෙන බවට චෝදනා කර, එම මුදල ගෙවන මෙන් බලකර සිටියා. මාඉල්ලීම ප්‍රතික්‍ෂේප කලා. එ අවස්ථාවේ පැමිණිල්ලට (පැමිණිලක් තිබි නැත)අදාලපුද්ගලයාව දුරකථනයෙන් සම්බන්ධ කර පොලිසියට ගෙන්වා ගනු ලැබුවා.

2024.11.09 අළුයම 01.57ට ලැබූ පණිවිඩය අනුව,ගල්කිස්ස, ද සේරම් පාරේ, පිහිටි, බජායා හෝටලය ඉදිරිපිට දි මගින් තුන්දෙනෙකුව නවා ගත්තා. ඔවුන්ගේ ගමනාන්තය වූයේ මහරගම.

මා වටරප්පල පාර,ඔස්සේ මහරගම දක්වා ගමන් කරන අතර, මගින් තුන්දෙනා වාද කරන්නට පටන් ගෙන, ගත්තු 'අරක්කු බොතල් බාගයක්" දාලා ආවා කියමින්, නැවත හෝටලේට හරවාගෙන යන ලෙසටත්, එසේ හරවාගෙන නොගියොත්, මාගේ කුලිය නොගෙවන බවට, එහි එක් මගියෙක් මට තර්ජනය කරන්නට පටන් ගත්තා.

ඒ අනුව මා, රථය හරවාගෙන නැවත වරක් බජායා හෝටලය ඉදිරියට ඔවුන්ව ගෙන ගියා‍. ඔවුන් හෝටලයේ ආරක්ෂකයින් සමග වාදයකට පැටලුනා. විනාඩි 10යක් පමණ මා බලා සිටියා. නමුත් ඔවුන් වාද කර ගැනීම රණ්ඩුවක් දක්වා දුරදිග යාවිය යන සැකය මත, මා ත්‍රිරෝද රථයේ පසුපස තිබූ සපත්තු දෙක, හෝටලයේ ගේට්ටුව ඉදිරිපිට තබා එතනින් ඉවත් වුණා.

මෙම සිදුවීමෙන් දින 02ට පසුව ඉහත සඳහන් පොලිස් පනිවිඩය මා අතට පත්වු අතර

පෙර සඳහන් කළ පරිදි මාව, පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටිමින්, තර්ජනය කරමින් සපත්තු දෙක හෝ රු-21,000.00 ලබාදෙන ලෙසට වු, ඔවුන්ගේ ඉල්ලීමට එකඟ නොවූ නිසා, පැමිණිල්ල දාපු පුද්ගලයා සමඟින් හෝටලයේ ට ගොස් අවේශණ කැමරාපරික්ෂා කර එන ලෙසට පොලිසිය අපට කියා සිටියා.

මා,මගේ ත්‍රිරෝධ රථයෙන් ගල්කිස්ස ද සේරම් පාරේ, බජායා හෝටලයේ ඉදිරිපිටට ගියා අතර,පැමිණිලිකරු බව කියන පුද්ගලයා යතුරුපැදියකින් එතනට ආවා.

හෝටලයේ ආරක්‍ෂකයින් අවේශණ කැමරා පරික්ෂා කිරීමට ඉඩදීමට නොහැකි බව කියා සිටියා. අසල නිවසක නිවැසියන්ද ඒ ආකාරයටම අවේශණ කැමරා පරික්ෂා කිරීමට ඉඩදීමට නොහැකි බව ප්‍රකාශ කළා.

එම පසුබිම යටතේ පැමිණිල්ල දමන ලද බව කියන පුද්ගලයා, 'මට උසාවි යන්න බෑ කියා" ඔහු ඉවත්ව ගියා. මමද එතනින් පිටත් උනා.

ඉල්ලා සිටින්නේ මහරගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් දෙදෙනෙකු, යම් බලපෑමකට හෝ අයුතු සම්බන්ධකමකට හෝ පොලිසියේ බලතල අයුතු ආකාරයට හා නීති විරෝධීව භාවිතා කරමින්, මාව පොලිසියට ගෙන්වාගෙන්, තර්ජනය කරමින්, රුපියල් 21,000.00මුදලක් ලබා ගැනීමට දරන ලද උත්සාහය, මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන නිසා, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසටය.

කුමාර, ජා. හැ.අංකය- 93------V