ආණ්ඩුව විටින් විට සඳහන් කරන පරිදි බලපත්‍ර රහිතව පෙරන මද්‍යසාර
"කසිප්පු" නිසා, අරක්කු අලෙවිය 20% පමණ පහත වැටිලාලු‍.
දීප ව්‍යාප්තව සිදුකරන බලපත්‍ර රහිත මධ්‍යසාර නිපදවීම ''වළක්වාලන්නට"
සුරාබදු දෙපාර්තමේන්තුව හා පොලිසිය අතර පවතින්නේ තරඟයක්.
දෙගොල්ලෝම හැමදාම අඛන්ඩව  කුඩා, මධ්‍යම හා  මහා පරිමාණ බලපත්‍ර
රහිත මධ්‍යසාර නිපදවන ස්ථාන වටලමින්
එ සඳහා යොදා ගන්නා මෙවලම් හා "පුද්ගලයින්" කීපදෙනෙකු අත්අඩංගුවට
ගෙන නඩු පවරනු ලබනවා.
අධිකරණය හමුවට ගෙනෙන චූදිතයින් බහුතරය 'වරද' පිළිගෙන, නියම කරන
ලද න් දඩය ගෙවන්නට කල් ලබා ගෙන ගෙදර යනවා.
අධිකරණය මගින් අය කරන දඩ මුදලින් අඩක් මහ භාණ්ඩාගාරයට යන
අතර ඉතිරි භාගය වැටලීම කරන නිලධාරින් අතර බෙදීමට, පොලිසියට හෝ
සුරා බදු දෙපාර්තමේන්තුවට හෝ යවනවා.
මෙම ව්‍යාපාරිකයින් පිළිබඳ සියලු තොරතුරු පොලිසිය මෙන්ම සුරා බදු
නිලධාරීන්ට රහසක් නෙවෙයි. ඔවුන් අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයක්.
දොර්ශවය අතර ඇති කරගන්නා 'අවබෝධතාවයන්ට' අනුව, ව්‍යාපාරකයින්
අදාල 'රාජ්‍යය පාර්ශවයට' නඩු දීම හා කප්පන් දීම සිදු කරනවා.
කලාතුරකින් අනොන්‍ය සුහදතාවය බිඳීම මත, අධිකරණය හමුවේ චෝදනා
පිළිනොගෙන දින ගණනාවක් රිමාන්ඞ් භාරයේ සිටි හෝ ඇප ලබාගෙන, නඩු
කියන අවස්ථා නැතිවා නොවේ.
‌ෙමම නඩු, වසර ගණනාවකට පසුව, විභාගයට ගැනෙන අවස්ථාවලදි,
'පැමිණිල්ල' ඉදිරිපත් නොවීම මත නිදහස් වෙයි. වරදකරුවන් බවට
පත්වන්නේ කලාතුරකින්. නඩුව යන අතරමග 'වරද' පිළිගෙන දඩය ගෙවා
නඩුව අවසන් කර ගන්නා අවස්ථා ද තිබේ.
සංක, ත්‍රිරෝද රථ රියදුරකු වශයෙන් රැකියාව කරන 29 හැවිරිදි එක්දරු
පියෙක්. බලපත්‍ර රහිතව මද්‍යයසාර පෙරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කරයි. ඔහු, 'චොදනා' ප්‍රතික්ෂේප නොකර කෙටියෙන්
‘’නඩුව” අවසන් කරගන්නේ රුපියල් 80,000/- දාහක දඩයක් භාරගෙන.
දඩය ගෙවන්න කල් ලාබා ගෙන ඇති අතර, නැවත කැලයේ තිබු ‘’බැරල්”
ගෙනෙන පොලීසිය ‘’නඩුව” බාර ගන්නා ලෙසට සංඛට බල කරයි.
පළමුවර ‘’වරද” පිළිගත්තේ, ලැබු උපදෙස් අනුව, විශාල මුදල් ඇපයකට
යටත්ව, වසර කිහිපයක් නඩු කියමින්, පිඩාවට පත්වීමට හා පළිගැනීම් වලට
ලක් විමෙන් වැළකිමට බව පවසන සංඛ, මෙවර නොකළ ‘’වරද” පිළිගන්නේ
නැති බව කියා සිටි.

පවතින්නාවු යුක්තිය පසදළිමේ ක්‍රියාදාමයට සෘජුව මෙන්ම වක්‍රව සම්බන්ධ
ජාලය පවතින තාක්, බලපත්‍ර රහිතව මද්‍යසාර පෙරිම, ප්‍රවාහනය හා විකිණිම
අවම කිරිම සිහිනයකි.