අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු නිදැල්ලේ සිටියදී, පෙර වැරදි මුල් කරගෙන, ව්යාධජ චෝදනා නැගීමට දරන උත්සාහය වළක්වන ලෙසට කරනු ලබන ඉල්ලීම.
01. පොලිස්පති 02. මානව හිමිකම් කොමිෂන් සභාව 03.ජාතික පොලිස් කොමිෂන් සභාව ට ප්රේදීප් කරන ලද ලිඛිත පැමිණිල්ල..... අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු නිදැල්ලේ සිටියදී, පෙර වැරදි මුල් කරගෙන, ව්යාධජ චෝදනා නැගීමට දරන උත්සාහය වළක්වන ලෙසට කරනු ලබන ඉල්ලීම. කුමාර, අවු: 28 යි, ජා.හැ.අ. 199, විවාහක, දරුවන් 01 යි, කුලී වැඩ, 367/ පානදුර. දු.අ. 075 2025.03.03 දින දීය. 2025.03.01 දින, උදේ 10.00 ට පමණ, පානදුර දකුණ පොලීසියේ, ත්රීවරෝද රථයෙන් පැමිණි, නිලධාරීන්, මාව අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගැනීමේදී, ප්රගකාශයක් ගන්න ගෙන ගිය බව ප්රීකාශ කළා. ත්රී රෝද රථය තුළදී, හයිකෝට් එකක් දානවා කිව්වා. අපරාධ අංශයේදී, මගෙන් ප්ර්කාශයක් ගත්තා. ඒ, 2025.02.27 දින, තම නිවසට, අ`ඵයම, පුද්ගලයෙකු ඇතු`ඵවීම ගැන, යාබද නිවසේ, අශෝකා පියශීලි නැමති අය, කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන්ය. එසේ නිවසට ඇතු`ඵ වී තිබුනේ, ධනුෂ්ක නැමති අයෙකි. ඔහුගේ නම, පැමිණිල්ලේ සඳහන්ව තිබේ. මෙම ධනුෂ්ක, අසල්වැසියෙකි. ඔහු, පෙර දින රාත්රිුයේ, මා හුමවට පැමිණ, මට, “රේස් බයි රේස්” යෑමට කථා කළා. නමුත් මා ප්ර,තික්ෂේප කළ බව පොලීසියට ප්ර කාශ කළා. මා, සැක කිරීමට හා මගෙන් ප්රාකාශයක් ගැනීමට, පොලීසියට හේතු තිබෙන බව දනිමි. ඒ, මට, මත් පෙති හා අයිස් භාවිතය පිළිබඳව චෝදනාවලට වරදකරු වී තිබීමය. මා, විදෙස්ගතව, රැකියාව කර, 2019 වසරදී ආපසු පැමිණි පසුව, මත්ද්රැව්ය,ය ගැනීමට පුරුදු වුනා. නැවත විදෙස් ගතවූයේ නැහැ. මා, මත්ද්රැව්ය ය භාවිතය මුල් කරගෙන, අට පාරක් පමණ, අත්අඩංගුවට ගෙන, මත්ද්ර ව්යරය සන්තකයේ තිබූ බවට, චෝදනා කර, රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා. මා, මාස 04 කට වැඩි කාලයක්, රිමාන්ඩ් භාරයේ සිට ඇති අතර, දඩ වශයෙන්, රුපියල් 60,000/- ක් ගෙවා ඇති අතර, ඇප ගැනීම සඳහා රුපියල් 70,000/- ක් පමණ වියදම් කිරීමට සිදුව ඇත. එම පසුබිම යටතේ, මා මත්ද්ර ව්යකය භාවිතයෙන් මිදී සිටිමි. පෙර ඇසුරු කරන ලද, දැනටද මත්ද්රකව්යාය භාවිතා කරන, පුද්ගලයෙකු, යාබද නිවසට පැමිණීම මුල් කරගෙන, මා අත්අඩංගුවට ගෙන, “හයිකෝට්” නඩුවක් පැවරීමෙන්, මා පමණක් නොව, මාගේ අවුරුදු 3 1/2 ක් වන එකම දරුවා හා බිරිඳ දැඩි අසරණ භාවයට පත් වන්නේය. නීතිඥ ගාස්තු ගෙවීමට හැකියාවක් නැති නිසා, අවම වශයෙන් මාස 09ක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවනු ඇත. රස පරීක්ෂක වාර්තාව ලැබුන පසුව, වරදකරු බව පිළිගෙන, දඩ ගෙවා නිදහස් වීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරි වන්නේ නැත. මේ සිය`ඵ කරුණු සත්යව බව ප්රරකාශ කරමි. මා ඉල්ලා සිටින්නේ, කිසිදු වරදක් නොකළ මා, අත්අඩංගුවට ගෙන ව්යාීජ චෝදනා නැගීම වළක්වන ලෙසටය. මෙයට, කුමාර