සැකකාරිය විසින් විවෘත අධිකරණයේ කරුණු දක්වයි. නීතිඥ පෙනී සිටීමක් නොමැති උවද එකී කරුණු සාසධාරණව සළකා බලමි. ම/උ මොරටුව.

සැකකාරිය විසින් විවෘත අධිකරණයේ කරුණු දක්වයි. නීතිඥ පෙනී සිටීමක් නොමැති උවද එකී කරුණු සාසධාරණව සළකා බලමි. ම/උ මොරටුව.


සැකකාරිය විසින් විවෘත අධිකරණයේ කරුණු දක්වයි. නීතිඥ පෙනී සිටීමක් නොමැති උවද එකී කරුණු සාසධාරණව සළකා බලමි.  ම/උ මොරටුව.

පසුගිය අප්‍රේල් මස 26 අලුයම, මොරටුව-පානදුර අලුත් ගාලු පාරේ, කාන්තාවක් විසින් ධාවනය කරන ලද මෝටර් රථය, ලිට්රෝ ගැස් සමාගමට අයිති ‌ෙකන්ටේනරය එකක ගැටී බරපතළ අලාභ හානි සිදුවිය.

අනතුර ගැන දැන්වූ විට, වාහන පාරෙන් ඉවත් කර ගන්නා ලෙසට දැන්වු එගොඩ උයනපොලිසිය, පැයකටපමණ පසුව ස්ථානීය පරීක්ෂණයට එන ලදී.

කිසිදු අකාරයක් සංඥා කිරිමකින් තොරව, වාහන නීති රීති උල්ලංඝනය කරමින් ‌ෙකන්ටේනරය මහා මාර්ගයටreveres කිරිම අනතුරට හේතුවිය.

අනතුරට පත් වාහනේ රියදුරු කාන්තාව හා කෙන්ටේනර් රියදුරු පොලිසියට ගෙන්වා ප්‍රකාශ ලියාගෙන ඔවුන්වමුදාහරින ලදී.

මාස හයක් ගතවී ඇතත් අනතුරට වගකිව යුතුය ‌ෙකන්ටේනර් රියදුරාට එරෙහිව ගන්නා ලද නීතිමය පියවර නොගැනීමට හේතු දැන ගැනීමට, එ සම්බන්ධයෙන්,තොරතුරු තමාට ලබාදෙන මෙන්ම මෝටර් රථයේ රියැදුරුවරිය, මොරටුව එගොඩඋයන පොලිසියෙන් ඉල්ලා සිටියේය. එහි පිටපතක් ගල්කිස්ස ජෙ.පො.අධිකාරි ට යොමු කර තිබින.

ඉල්ලසිටි තොරතුරු ලබා දුන් බවට ''ව්‍යාජ වාර්ථාවක්" මොරටුව සහකාර පොලිස් අධිකාරි වරයා මගින්ගල්කිස්ස ජෙ.පො. අධිකාරි වරයට සැපයු, එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති වරයා,තොරතුරු ඉල්ලා සිටි, අගතියට පත් කාන්තාවට එරෙහිව රථවාහන වැරදි ගණනාවක් යටතේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලදී.

මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලැබූ තිතාසිය රැගෙන මෙරටුවඅධිකරණයට ඉදිරිපත් වූ ඇය, විනිසුරුතුමා ඉදිරියට ගොස් ''චොදනා" සියල්ලටම නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටියේ අනතුර සම්බන්ධයෙන් ඡායාරූප සහිතව කරුණු දක්වමිනි.

ඇයට සවන්දුන් විනිසුරුවරයා ''චෝදනා ගොනු නොකර" ඇයව නිදහස් කිරීමට පියවර ගනු ලැබිය.

පවතින නීතිය යටතේ, වසරක් ගතවීමට පෙර, නැවත එම නඩුව පවරා, ඇයව පිඩාවට පත් කිරිමට පොලීසියට ඉඩ තිබේ.

පොලිස් බලතල අයුතු ලෙස පාවිච්චි කරමින්, අධිකරණය උපයෝගී කරගෙන ව්‍යාජ නඩු පැවරීම ''පොලීසියට" ආයතන ගතවූ එකක් වුවත්, එය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙනත් නැත.

''රථ වාහාන අනතුරු" වළක්වාලීමට නොහැකි ප්‍රධාන කරුණකි, පොලීස් දුෂණ හා අධිකරණය හමුවේ අගතියට පත්වුවන් අසරණ වීම.