ලස්සන වැඩක්. Water board එකේ ත්රසස්ථවාදය. රු:-37,549ක් ගෙවලා ගත්තු ජල සම්බන්ධතාවය, ''ඉහලින් ආපු නියෝගයක්'' කියලා පසුවදා කපල ගිහිල්ලා. සති දෙකක් වතුර නැහැ

ලස්සන වැඩක්. Water board එකේ ත්රසස්ථවාදය. රු:-37,549ක් ගෙවලා ගත්තු ජල සම්බන්ධතාවය, ''ඉහලින් ආපු නියෝගයක්'' කියලා පසුවදා කපල ගිහිල්ලා. සති දෙකක් වතුර නැහැ


 

පිටපත:- ඉංජිනේරු, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය- කලුතර

සභාපති / සාමාන්‍යාධිකාරි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ගාලු පාර,

රත්මලාන.

නීති විරෝධීව, බලහත්කාරයෙන් විසංධි කරන ලද ජල සැපයුම නොපමාව ලබා දෙන ලෙසට හා එ මගින් මා මාගේ පවුලේ සාමාජිකයින්ගේ ජිවත්වීමේ මුලික අයිතිය - උල්ලංඝණය කළ සියලුම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

රංජනීය,අවුරුදු 50යි. ජා.හැ.අංකය:- 19741. වැන්දඹු. දරුවන් 03යි. රැකියාව:-බීඩි එතීම.

ලිපිනය:-

දු.ක.අංකය:-

ඉහත ලිපිනයේ අපට උරුම, නීතියානුකුලව පදිංචිව සිටින, අප නිවසට ජල සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා විධිමත්ව ඉල්ලීමක් කළෙමි.

දිනය:- 2024 .11. 04‍.ලියාපදිංචි අංකය:-ww

එම ඉල්ලුම් පත්‍රයට අනුව, ස්ථානීය පරීක්ෂණ සිදුකර, ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයට සිදුවන අලාභය සඳහා නියමිත මුදල්රුපියල් 3600/- ක මුදලක් ගෙවිමේන් පසුව, ඔබ මඛ්ඩලය විසින් නියම කරන ලද සම්බන්ධිකරන ගාස්තුව වු, රු:- 37,549/-ගෙවිමෙන් පසුව, ගිවිසුම සම්පුර්ණ කරනු ලැබීය. දිනය:- 2024.11.11

ඉන් අනතුරුව, 2024.11.12 වන දින, ඔබ කාර්ය මණ්ඩලයේ නිලධාරින් පැමිණ, ජල සම්බන්ධතාවය ලබා දෙන ලදී.

ඊට පසු දින, එනම් 2024.11.13, වාද්දුව ශාඛාවේ, කාර්ය මණ්ඩල සාමාජිකයන් බව කියමින්, දෙදෙනකු පැමිණ, ඉහලින් නියෝගයක් ලැබී තියෙන බව ප්‍රකාශ කරමින්, ලබා දුන් ජල සම්බන්ධතාවය විසංධිකර දමනු ලැබීය.

පැමිණි කාර්ය මණ්ඩලය කියනු ලබන සාමාජිකයන් දෙදෙනා ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කළේ නැත. කිසිදු වූ ලිඛි දැන්වීමක් ලබා දුන්නෙ නැත. බලය යොදා සම්බන්ධතාවය විවිසන්ධිකර යනු ලැබීය.

එයින් අනතුරැව ඔබ, වාද්දුව කාර්යාලයට හා කළුතර ප්‍රධාන කාර්යාලයට ද ගොස් අදාල නිලධාරීන්ගේ කරුණු විසූ විට, සෑම දෙනක්ම කියා සිටියේ ඉහළ නියෝගයක් අනුව ජලය විසන්ධිකර ලද බවය.

මේ වන විට ජල සම්බන්ධතාවය විසනංධිකරදින 10ක් දහයක් ගත වී ඇත.

ඉහත පෙන්වා දුන් පරිදිම ජල සම්බන්ධතාවය සඳහා මා වැය කළ මුලු මුදල රු.41,190.00කි.නීතියානුකූලව ලබාගත් ජලසම්බන්ධතාවය, කිසිදු නීතිමය දැනුම් දීමක් නැතිව, කරුණු විමසීමක් නැතුව, බලහත්කාරය යොදා විසන්ධි කිරීම මගින් මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන ලද බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමි.

ඉල්ලා සිටින්නේ නොපමාව ජල සම්බන්ධය ලාබා දෙන මෙන් හා අත්තනොමතික ලෙස ජල සම්බන්ධතාවය විසංධි කිරීමට පියවර ගත් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

 රංජනීය, (ජා.හැ.අංකය:- 1974)