අධිකරණ නියෝගයට අනුව, අත්සන් කිරීමට, පොලීසියට ගිය විට, අත්අඩංගුවට ගෙන, “හයිකෝට්” නඩු දාන බවට කරනු ලබන තර්ජන.
චානක, වැ.බ.පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අමතන ලද ලිපිය. සිය`ඵ විස්තර අන්තර්ගතය.
අධිකරණ නියෝගයට අනුව, අත්සන් කිරීමට, පොලීසියට ගිය විට,
අත්අඩංගුවට ගෙන, “හයිකෝට්” නඩු දාන බවට කරනු ලබන තර්ජන.
ලියනගේ චානක ප්‍රභාත් පෙරේරා, අවු: 26 යි, ජා.හැ.අ. 199816410236, විවාහක, දරුවන් 01 යි, ව්‍යාපාරික, ලිපිනය: 305 ්ල නාවින්න, මාවල දකුණ, වාද්දූව. දු.අ. 072 8739905
2025.01.03 වන දින දීය.
2024.07.25 දින, උදේ 8.30 ට පමණ, මාගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීම අදාළව, 2024.07.22 දින කරන ලද පැමිණිල්ලේ පිටපත ලබා ගැනීම සඳහා මොරොන්තුඩුව පොලීසියට ගිය අවස්ථාවේ, “වරෙන්තුවක්” තිබෙන බව පවසා, අත්අඩංගුවට ගෙන පසුදින, (2024.07.26) අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
02. මා, පොලීසියේ රඳවාගෙන සිටින විට, නීතිඥ චාමිකා රුද්රිගූ මහත්මිය පොලීසියට පැමිණ, මාව රඳවා තබාගෙන සිටින්නේ, කුමන චෝදනාවක් මතද යන්න ගැන විමසීමේදී, මොරොන්තුඩුව පොලීසියේ ස්ථානාධිපති පො.ප.කැලුම් නිලධාරි ඇයට කියා ඇත්තේ වරෙන්තුවකට අත්අඩංගුවට ගන්නා ලද බවයි.
03. කරුණු එසේ තිබියදී, මාව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 2 ක් සන්තකයේ තිබූ බවට ව්‍යාජ චෝදනාවක් නගාය.
04. එම චෝදනාව මත, මහේස්ත්රාත්තුමාට ඇප දීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කර, මාව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
05. මා වෙනුවෙන් බිරිඳ, මහාධිකරණයට කරුණු ප්‍රකාශ කර, ඇප ලබා ගන්නා ලදි.
06. ඇප ලබාගෙන, නිදහස් වීමට, මාස 4 කුත් දින 15 ක්, රිමාන්ඩ බාරයේ සිටින්නට සිදුවිය. ඇප ලැබූ දිනය : 2024.12.20
07. එක් ඇප කොන්දේසියක් වූයේ, සෑම මසකම තුන්වන ඉරිදා හෝ හතරවන ඉරිදා මොරොන්තුඩුව පොලීසියේ අත්සන් කිරීමය.
08. මා, 2024.12.29 ඉරිදා, මොරොන්තුඩුව පොලීසියට ගොස් අත්සන් කළා.
09. 2024.12.31 වන දින, මොරොන්තුඩුව පොලීසිය, උ.පො.ප. පේරසිංහ ඇතු`ඵ නිලධාරීන් 4 ක්, නිවසට පැමිණ, මා ගැන විමසා, මා නොමැති බව බිරිඳ පැවසූ විට, එම කණ්ඩායම, අල්ලපු ගෙදරට ගොස් තිබේ.
10. බිරිඳ, ඔවුන් පිටිපස එම නිවසට ගිය විට, උ.පො.ප. සේරසිංහ, මා, ටී - 56 ගිනි අවියක් ගෙනවිත් හංගා ඇති බව පවසමින්, මා අත්සන් කිරීමට පොලීසියට පැමිණි විට, අත්අඩංගුවට ගෙන, “හයිකෝට්” එකක් දාන බව කියා ඇත.
11. ඒ සම්බන්ධව, මාගේ බිරිඳ විමසූ විට, ඇයට අසභ්‍ය වචනයෙන් බැන, ඇයවද අත්අඩංගුවට ගෙන, රැගෙන යන ලදි.
12. මේ සිය`ඵ කරුණු මා දැන ගත් විට, 2025.01.02 වන දින උදේ, උ.පො.ප. පේරසිංහ නිලධාරියාට, දුරකථනයෙන් අමතා, මට සිදුකරන තර්ජන ගැන විමසා සිටියා.
13. ඒ අවස්ථාවේ, ඔහු, මට බැන, ඉරිදා අත්සන් කරන්න ආ විට, අත්අඩංගුවට ගෙන හයිකෝට් එකක් දාන බවට අවධාරණය කරමින්, කියා සිටියා.
මෙම පසුබිම තුළ, ගරු අධිකරණයෙන් මට නියම කරන ලද, සෑම මසකම 3 වන හෝ 4 වන ඉරිදා මොරොන්තුඩුව පොලීසියට ගොස් අත්සන් කිරීමට යෑම, පොලීසිය විසින් වළක්වා ඇත.
මා, ප්‍රකාශ කරන්නේ, 2019 වසරදී මට “කුඩු” නඩුවක් පවරන ලදි. 2024 දී ද මට, ව්‍යාජ “කුඩු” නඩුවක් පවරා ඇත.
එම නඩුව පවතී.
2019 දී මට විරුද්ධව, හෙරොයින් ග්‍රෑම් 2.700 ක් තිබූ බවට චෝදනා කර, මාස 09ක් රිමාන්ඩ් කරවන ලදි. රස පරීක්ෂක වාර්තාවට අනුව, පොලීසිය දාපු ‘කුඩුවල’ තිබුනේ මි.ග්රෑ.01 කට අඩු ප්රමාණයකි.
මෙවර පොලීසිය දාන ලද කුඩුවල, “හෙරොයින්” කොපමණ තිබේදැයි දැන ගන්නට, හැකි වන්නේ, තවත් මාස ගණනාවකට පසුව රස පරීක්ෂක වාර්තාව ලැබුන පසුවය.
මා, 2020 දෙසැම්බර් සිට 2023 ජූලි මස දක්වා විදේශ රැකියාවක් අපේක්ෂාවෙන්, කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී සිටින අවස්ථාවක, අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා නගා රිමාන්ඩ් කරවීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසටත්,
විශේෂයෙන්, ගරු අධිකරණය, පොලීසියේ අත්සන් කිරීමට දෙන ලද ඇප කොන්දේසිය ඉවත් කර, වෙනත් ඕනෑම ඇප කොන්දේසියක්, මතු ආරක්ෂාව සඳහා පනවන ලෙසට ඉල්ලා සිටිමි.
මෙයට,
චානක