පොලීසියට යන සෑම, සාමාන්‍ය ගැහැණියක්ම “වේසියක්” වන අතර, පිරිමියෙක්ම, “හු .... පුතෙකි”..........

පොලීසියට යන සෑම, සාමාන්‍ය ගැහැණියක්ම “වේසියක්” වන අතර, පිරිමියෙක්ම, “හු .... පුතෙකි”..........


පොලීසියට යන සෑම, සාමාන්‍ය ගැහැණියක්ම වේසියක්වන අතර, පිරිමියෙක්ම, “හු .... පුතෙකි”..........

අමුණුකුල, මෙගොවැව, සචිත් ප්‍රභාත් විජේරත්න, 24 හැවිරිදි රියදුරෙක්.

අනුරාධපුර පොලීසිය, 2020.10.03 ඔහුව අත්අඩංගුවට ගන්නේ, සොරකමකට අදාළවය.

අපරාධ අංශයේ ස්ථානාධිපති, බී.එස්. චන්ද්‍රසිරි, (දැනට ජීවතුන් අතර නැත) පොලිස් සැරයන් 32226 සම්පත්, පොලිස් සැරයන් 37057 නිශාන්ත එක්ව ශ්‍රී ලංකා පොලීසියට ආවේනික, “ධර්මචක්‍රයේඑල්ලා සොරකම් කළ බව පිළිගන්නා ලෙසට බල කරමින්, වධ දෙන්නට විය.

නොකළ දෙයක් පිළිගන්නට බැරි බවට තරයේ කියා සිටි, සචින්තව, හෙරොයින් ආදේශ කර උසාවි දමා, දින 10 කට රිමාන්ඩ් කරවන ලදි.

උසාවි දැමීමට පෙර, සචින්ත ප්‍රභාත් විජේරත්න, අපුරාධපුර රෝහගේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ විට, වහාම රෝහලට ඇතුළත් කිරීමට නියම කළේය. රෝහලේ ප්‍රතිකාර ගන්නා විට, වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, ඔහුව පරීක්ෂා කළද, පොලීසියේ ඉල්ලීම පරිදි, ඔහුව, රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

සචින්ත ප්‍රභාත් විජේවර්ධන, බලපෑම්වලට යට නොවී, තමාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, කරන ලද අපරාධයට හා අනීතික ක්‍රියාවන් පිළිබඳව පොලිස්පතිට, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද පැමිණිලි, අති බහුතරය, හොරාගේ අප්පච්චිට කරන ලද පැමිණිලි වන්නේය.

පොලීසියට, පැමිණිල්ලක් දාන්න හෝ පැමිණිල්ලකට කරන කැඳවීමකට යන, සාමාන්‍ය ගැහැණියක් වේසියක්වන අතර, පිරිමියෙක්, “හු .... පුතෙකි”.

මේ සංස්කෘතියවෙනස් කරන්නට අවු: 77 ක් ගිහිල්ලාත් බැරිවී ඇත.

කථා කරමු. වෙනසක් ඇති කිරීම දුෂ්කරය. නමුත් වෙනස් කළ හැකිය. ගරුත්වයක් ඇතිව කටයුතු කරමු. වාචාලයන්ට ඉඩ නොදෙමු.

තීන්දුව:- www.janasansadaya.org > Judgments > 243