STF නිලධාරීන් තෘප්තිමත් කරන්නට, නොහැකියාව වසා ගන්නට, මහලූ ආච්චි හා සීයාට වධ දීම, නිවසට අලාභ කිරීම.

STF නිලධාරීන් තෘප්තිමත් කරන්නට, නොහැකියාව වසා ගන්නට, මහලූ ආච්චි හා සීයාට වධ දීම, නිවසට අලාභ කිරීම.


 

01.පොලිස්පති 02.මානව හිමිකම් කොමිෂන් සභාව03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී - පානදුර

STF නිලධාරීන් තෘප්තිමත් කරන්නට, නොහැකියාව වසා ගන්නට,

මහලූ ආච්චි හා සීයාට වධ දීම, නිවසට අලාභ කිරීම.

බරනාන්දුලාගේ චිත‍්‍රානි ප‍්‍රනාන්දු පෙරේරා, අවු: 66 යි, ජා.හැ.අ. 598314288 ඪල 305 ්ල නාවින්න, මාවල දකුණ, වාද්දුව.

2025.04.08 වන දින දීය.

ලියනගේ චානක ප‍්‍රභාත් පෙරේරා, අවු: 27 යි, විවාහක, දරුවන් 01 යි, මුණුපුරා වේ.

ගැට`ඵව වූ දිනය: 2025.04.04 (ආසන්න දිනය) දෙපිරිසක් අතර, ආරවුලක් ඇති වුනා. මුණුපුරා ඇතු`ඵ දෙදෙනෙකුට සු`ඵ තුවාල සිදුව තිබුනා. රෝහල් ගතවී, දින 2 කට පසුව රෝහලින් පිට වුනා.

2025.04.06 වන දින, උදේ 11.00 ට පමණ, මොරොන්තුඩුව පොලීසියේ, මාන්නප්පෙරුම, තෙන්නකෝන්, තවත් දෙදෙනෙකු සමග දොර කඩාගෙන ගෙට ඇතු`ඵ වී, මුණුපුරාව හෙව්වා.

රෝහලෙන් පිටවූ පසුව, මුණුපුරා ගෙදර ආවේ නෑ. ඒ බව කිව්වා. පොලිස් නිලධාරින් මුණුපුරාව, අපි, හංගන් ඉන්නවා කියමින්, නාකිච්චි කියමින්, කුනුහරුප කියමින්, බනිමින් නින්දා කර, මුණුපුරාව, මරණ බවට තර්ජනය කර ගියා.

2025.04.07 සවස 2.00 ට පමණ, ඉහත නිලධාරීන් පැමිණ, ගේ සෝදිසි කර, පෙර පරිදි බැන තර්ජනය කරමින් ගියා.

අවු: 27 ක් වන, විවාහක, දරුණු ඇදුම රෝගයෙන් පෙළෙන, මුණුපුරා ඉන්න තැනක් අප දෙදෙනා දන්නේ නැත.

එය පිළිනොගෙන, පොලීසිය මේ ආකාරයට ක‍්‍රියා කරන්නේ, ආරවුලට, විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුත් සම්බන්ධ නිසා විය හැකිය.

ඉල්ලා සිටින්නේ, ඇදුම රෝගියෙකු වන, මා හා රෝගී සැමියාව, පීඩාවට පත් නොකර, සැනසිල්ලේ ජීවත් වීමට ඉඩ ලබාදෙන ලෙසටය.

මෙයට,

බරනාන්දුලාගේ චිත‍්‍රානි ප‍්‍රනාන්දු පෙරේරා

STF නිලධාරීන් තෘප්තිමත් කරන්නට, නොහැකියාව වසා ගන්නට, මහලූ ආච්චි හා සීයාට වධ දීම, නිවසට අලාභ කිරීම.