විඩියෝ කරනවිට පහරදි දරකථනය උදුරා ගනීම
පොලිස්පති, සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව සහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී- පානදුර වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල.
අමානුෂික ලෙසට පහරදී, රු:- 120,000/-වටිනා ජංගම දුරකථනය පැහර ගැනීම.
ගංගොඩවිලගේ අනිල් වසන්ත, අවු:-41යි. ජ.හැ.අ. 832611484ඪ. විවාහක. දරුවන් 03යි. රැකියාව:- මෝටර්/ඇලුමිනියම් කාර්මික.
130/ෘ, ජොතිරත්න මාවත, පිංවල, පානදුර. දු.ක.අ. 0776476116.
2025.02.07 දින දිය.
2025.02.05 දින පෙ.ව.10.30ට පමණ, මාගේ නිවස පිටුපසින් ගැහැණු කෙනෙක් කෑගසනවා ඇසුනා. මා දොර ඇර බලන විට, ඉස්සරහ කාන්තා පොලිස් නිලධාරිනියක් සිටිනවා දුටුවා, ඒ සමගම මා දුටුවා පොලිස් නිලධාරින් දෙදෙනෙක් පුංචිඅම්මාගේ කොන්ඩෙන් අල්ලාගෙන ඇද ගෙන එනවා. මා එය ජංගම දුරකථනයෙන් විඩියෝ කරන්න හැදුවා.
එය දුටු නිලධාරියෙක්, ” ඔය හු.......පුතාව අල්ලපන්, ඔකට විඩියෝ කරන්න දෙන්න එපා, ෆොන් එක ගනින් කිව්වා“. ඒ සමග අනෙක් නිලධාරියා, මා ළඟට දුව ඇවිත්, මගේ අත අඹරා, බිත්තියට හේත්තු කර, දුරකථනය උදුරා ගත්තා. පුංචි අම්මාගේ කොණඩෙන් අල්ලාගෙන ඇද ගෙනවිත්, කාන්තා පොලිස්නිලධාරිනියට බාර දි මගේ ළඟට ආවා.
ඔහු තො කොහමද අපිව විඩියෝ කරන්නේ, අපි කව්ද කියා දුන්නවා ද වෙසිගේ පුතා කියමින් මගේ බඩට අතින් ඇන්නා. මාව නැටුනා. එවිට වැලමිට නවා මගේ උරහිසට ඇන, බෙල්ලෙන් මිරිකා බිත්තියට හේත්තු කර, මාංචු ගනින් මුව ගෙනියන්න යයි කිවිවා.
එ සමගම කාන්තා පොලිස්නිලධාරිනිය “ඔකාව අතහැරපන්, යමු කිව්වා”.
එවිට මාව අතහැර පුංචි අම්මාව රැගෙන යන විට මම, ඔවුන් උදුරාගත්තු දුරකථනය ඉල්ලුවා.
එවිට පොලීසියට ඇවිත් ගනින් යයි කිව්වා.
මා එ සමග පානදුර දකුණ පොලිසියට ගියා. මා දුටුවා පුංචි අම්මා, ඉරුනු ‘නයිටිය‘ පිටින්මාංචු දමා කුඩුවට දමා තිබෙනවා.
මම මුලස්ථාන පොලිස් පරික්ෂක වෙත ගොස් සිද්ධිය කිව්වා. ඔහු මට උඩට ගිහිල්ලා පැමිණිල්ල දාන්න කිව්වා.
මම උඩුමහලට ගොස් පැය 01 යි විනාඩි 40ක් බලාගන හිටියා. නමුත් පැමිණිල්ල ලියා ගත්තේ නෑ.
මම බලාගෙන ඉන්න බැරිව, පානාදුර මුලික රොහලට ඇවිත් විස්තරය කිව්වා.
මාව පරික්ෂාකර වට්ටු 01කට ඇතුලත් කලා. රොහල් පොලීසියෙන් ඇවිත් ප්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරි පරික්ෂා කළා.
ප.ව.3.00ට පමණ (2025.02.06දින)රොහලින් පිටවු සැනින් මා පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට ගොස්, සහකාර පොලිස් අධිකාරි හමුවි සිදුවිම ප්‍රකාශ කළා. පැමිණිල්ල ලියාගත්තේ නෑ. ඉදිරියට කටයුතු කරන බව කිවිට, මාව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළා.
මා ඉල්ලා සිටින්නේ,
1. මාගේ පුංචි අම්මාව කෙස්වැටියෙන් අල්ලා ඇදගෙන එනවා විඩියො කිරිමට උත්සහ කිරිමේදි කුණුහරප කියමින් පහරදි ජංගම දුරකථනය උදුරා ගන්නා ලද පොලිසි නිලධාරින්ට,
2. මාගේ පැමිණිල්ල ලියා නොගත් පානදුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකට එරෙහිව,
3. මාගේ පැමිණිල්ල ලියා නොගත් හා මාව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළ සහකාර පොලිස් අධිකාරිවරයා එරෙහිව
නීතිමය පියවර ගන්නා ලෙසට
සහා
4. මා ගෙන් උදුරාගත්, සිම්පත් දෙකක සහිත රු: 120,000.00 වටිනා ජංගම දුරකථනය ආපසු බාර දෙන ලෙසට ය.
ඉහත කරුණු සියල්ල සත්‍යය හා නිවරැදි බව ප්‍රකාශ කරමි.
ගංගොඩවිලගේ අනිල් වසන්ත,