ලිඛිත පැමිණිල්ල

01. පොලිස්පති 02. සභාපති. මානව හිමිකම් කොමිෂන් සභාව 03. ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව 04. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී-`ඵතර

දස වධ දී, මාස 03 ක් රවාගෙන සිට, නඩු දමා, වරද පිළිගන්නවා, බන්ධනාගාරගත කර,අච්චු වි, පැමිණි පසුව, නැවත, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දෙන්නට දරන උත්සාහය වළක්වාලන ගෙසට කරන ඉල්ලීම.

 රයිගම ආචාරිගේ කාන්ති පෙරේරා, අවු: 60 යි, ජා.හැ.අ. 196565301118, විවාහක, දරුවව් 01 යි, ලිපිනය: 609, කජු¥ව වත්ත පාර, නාගොඩ, දු.අ. 071 1000833

 2025.04.03 වන දින දීය.

 2025.04.01 දින, `ඵයම 01.30 ට පමණ, `ඵතර පොලීසියේ, නිලධාරීන් තුන් දෙනෙක් සිවිල් ඇුමින් පැමිණියා.

 එම තිදෙනා, හිටියේ හො`දටම බීලා. ගෙදර ඉන්නේ කවුද කියා අසමින් සෝදිසි කළා.

 ඒ වෙලාවේ ගෙදර හිටියේ, මමත්, සැමියාත්, අවු: 94 ක් වයසැති, නැගිට ගන්නට බැරි අම්මා හා ඥාති පුතෙක්.

 ඥාති පුතාව නැගිට්ටවා, පොලීසියට ගෙන යන්න හැදුවා. මම දැඩිව විරුද්ධ වුනා. ඔහුගේ හැුනුම්පත, විදේශ ගමන් බලපත‍්‍රය පරීක්ෂා කර, දුරකථනයෙන් කාටද කථා කර, පුතාගේ විස්තර කිව්වා. එයින් පසුව, මෙහේ ඉන්න අනික් කෙනාව, පොලීසියට බාරදෙන්න යැයි කිව්වා.

 මම කාරණය ඇහැව්වාම, වරෙන්තුවක් තියෙනවා කියා, පානදුර දකුණ පොලීසිය කියනවා, ඒ නිසා අපිට බාර දෙන්න යයි කිව්වා. විස්තර කියන්නේ නෑ.

 මා සමග ජීවත්වන, දෙමාපියන් දෙදෙනාම නැති, මාගේ මව විසින් හදා වඩා ගත්ත, අප්පු ආරච්චිගේ නන්දික ප‍්‍රියදර්ශන, පිට වැඩකට ගොස් සිටියේ. ඔහුගේ රැුකියාව පින්තාරු කිරීම. වයස අවුරුදු 46 යි, අවිවාහක.

 මෙම ඥාති පුතා, 2021 දී, පානදුර දකුණ පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගෙන, පානදුර දකුණ පොලීසියේ එවකට සිටි, තුෂාර නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරීන්, අමානුෂික ලෙස වධ දුන්නා. ඔහුගේ එක් අතක් කඩා දමනු ලැබුවා. බරපතල තුවාල තිබූ නිසා, ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේ නෑ.

 මාස තුනක්ම, පානදුර, අංගීරස කැඩුම් බිඳුම් වෙද මහතා මගින් ප‍්‍රතිකාර කරවා තිබුනා.

 තුවාල, යම් පමණකට සුව වූ පසුව, නඩු 05 ක්, 06 ක් දමා, වරදවල් පිළිගන්නවා, බන්ධනාගාරගත කරවන ලදි.

 බන්ධනාගාරය ඔහුව, කදුරුගස්ආර සිර ක`දවුරේ ර`දවා තබාගෙන, ප‍්‍රතිකාර ලබා දී තිබුනා.

 සිර ුඩුවම් නිම කිරීමෙන් පසුව, 2023 දෙසැම්බර් මස, බන්ධනාගාරයෙන්ම ගෙනවිත් බස්සවා ගියා.

 එදා සිට, පිංතාරු වැඩ කරමින්, හදා වඩා ගත් ආච්චිව (අවු: 94 ක් වූ, නැගිට ගන්නට බැරි මාගේ මවට උපස්ථාන කරමින්) අප සමග ජීවත් වනවා.

හදිසියේම, ඥාති පුතාව, හොයන්න පටන් ගෙන ඇත්තේ, සොරුන්ව සොයාගත නොහැකි සොරකමකට, මොහුව රැුගෙන ගොස්, නැවත වධ දී, බොරු නඩුවක් දමා, තම නොහැකියාව වසා ගැනීමට බව ආරංචිය.

 මාගේ ඥාති පුතාට විරුද්ධව, වරෙන්තුවක් තිබේ නම්, එය ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමි.

 එවිට, නීතියට අනුව, ඔහුව ඉදිරිපත් කිරීමට පියවර ගතහැකිය.

 ඔහුව, වෙනත් චෝදනාවකට, පොලීසියට අවශ්‍ය නම්, නීත්‍යානුකූලව දැනුම් දීමක් කරන මෙන් ඉල්ලමි. එවිට, ඔහුව බාරදීමට පියවර ගනිමි.

 පානදුර දකුණ පොලීසියේ, 2023 වසරේ, වධ දුන්න නිලධාරියෙක්, `ඵතර දකුණ පොලීසියට පැමිණ ඇති බවත්, ඔහුගේ මැදිහත්වීමෙන්, නැවත පුතාව අත්අඩංගුවට ගෙන, මෙවර අත් දෙකයි කකුල් දෙකයි කඩන බවට, වහසි බස් දොඩා ඇති බව දැනගන්නට ඇත.

 ඉල්ලා සිටින්නේ, පොලීසියේ, අපරාධ නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙසට හා ආරක්ෂාව ලබාදී, මූලික අයිතීන් ආරක්ෂා කර දෙන ලෙසටය.

 මෙයට,

 රයිගම ආචාරිගේ කාන්ති පෙරේරා

අත කඩලා මාස3ක් තියාගෙන වෙදකම් කරලා. පානදුර දකුණ පොලීසිය