වධ දීලා, උසාවියෙන් DO ගහගත්තත් ඉස්පිරිතාලය හරස් වෙයි !

නීතිය නවන්න ගත්තු උත්සාහය බූමරංගයක් වෙයි !!

ඩිලාන් පස් දරු පියෙක්. වඩු කාර්මිකයෙක් වුවත්, මත්ද්‍රව්‍යය ජාවාරමට නෑකම් දක්වපු කෙනෙක්. යුක්තිය ලිස්ට් එකේ නම ඇති බවද කියයි.

පසුගියදා, `ඵතර විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මොහුට, අමානුෂික ලෙස පහර දී, උසාවියට ඉදිරිපත් කළේ වැඩිදුර පරීක්ෂණ ස`දහා රැු`දවුම් නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලමින්ය.

අධිකරණය, පොලීසියේ ඉල්ලීමට, රැු`දවුම් නියෝගය ලබාදුන් අතර, නොපමාව රෝහල්ගත කරන ලෙසටද නියම කළේය.

පහරදීම් නිසා, බරපතල රෝගී තත්ත්වයෙන් පසුවූ, ඩිලාන්ව, රෝහල්ගත කරන ලෙසට වෛද්‍යවරු නියෝග කළේය.

ඒ අනුව, දින 03 ක්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රැුකවල් යටතේ, ප‍්‍රතිකාර ලබාගත් ඩිලාන්ව, බන්ධනාගාරයට බා රදීමට පියවර ගැනින.

සන්තකයේ තිබූ, රපියල් ලක්ෂ 2 කට වැඩි මුදලක්, මෝටර් රථයත් සමග, ඩිලාන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, අයිස් ග‍්‍රෑම් 15 කට වැඩි ප‍්‍රමාණයක් ළ`ග තිබූ බවට චෝදනා කරමින්ය.

ඇප ඉල්ලීමක් හා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අභියාචනාධිකරණයට, ඉදිරිපත් කිරීමට බිරි`ද සූදානම් වේ.

ඇය, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ල ............

පෙර වැරදි මුල් කරගෙන, නිර්දෝෂී පුද්ගලයෙකුට, වධ හිංසා පමුණුවා, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා, බන්ධනාගාරගත කිරිම.

.....කුරේ, අවු: 33 යි, විවාහක, දරුවන් 05 යි,ජා.හැ.අ. 1991...., ස්වයං රැකියාව, ලිපිනය: අංක: .....පානදුර.දු.අ. 075 .........

2024.07.10 වන දින දීය.

.......... ප‍්‍රනාන්දු, අවු: 37 යි, වඩු වැඩ, මාගේ සැමියා වේ.

2024.06.25 දින, දහවල් 12.30 ට පමණ, විශේෂ විමර්ශන ඒකකයේ, `දරුවන් නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරීන්, අවස්ථා දෙකකදී, අප නිවසට පැමිණ, සෝදිසි කර, ගියා.

ඔවුන් ගිය පසුව, මට දැනගන්නට ලැබුනා, සැමියා, හිරණ පොලීසියේ ර`දවාගෙන සිටින බව. ඒ අනුව, මා දරුවන්ද සමග හිරණ පොලීසියට ගියා.

සැමියා, පොලීසියේ කූඩුවේ සිටියා. සැමියා මට කියා සිටියා, තමාට, `දරුවන් ප‍්‍රමුඛ නිලධාරීන් පහර දුන් බව. ඔහුගේ දකුණු ඇස රතුවී, ඉදිමී තිබුනා. මුහුණ, තොල කට ඉදිමී තිබුනා. ඉතා අසීරුවෙන් හිටියේ.

එදින රාත‍්‍රියේ, පොලීසියේ ර`දවාගෙන සිට, පසුදින, 2024.06.26, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

නීිතිඥ  මයා ඉදිරිපත්ව, සැමියාට අමානුෂික ලෙස පහරදී තිබෙන බව ප‍්‍රකාශ කළා.

පොලීසිය, සැමියාට රැදවුම් නියෝග ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා.

ඒ අනුව, රැදවුම් නියෝග ලබාදී, සැමියාව, රෝහල්ගත කරන ලෙසට නියම කළා.

ඒ අනුව, හිරණ පොලීසිය, සැමියාව, පානදුර මූලික රෝහලට ඉදිරිපත් කළා.

2024.06.29 දින දක්වා, 1 වාට්ටුවේ ර`දවාගෙන ප‍්‍රතිකාර ලබා දුන්නා.

2024.06.29 දහවල්, ටිකට් කැපූ පසුව, සැමියාව, බන්ධනාගාරගත කරනු ලැබුවා.

නඩු අංකය: ........ වේ.

සැමියා සන්තකයේ, අයිස් මත් ද්‍රව්‍යය ග‍්‍රෑම් 15 කට වැඩි ප‍්‍රමාණයක් තිබූ බවට ව්‍යාජ චෝදනාව නගා තිබුනා.

සැමියාට විරුද්ධව, මත් ද්‍රව්‍යය චෝදනා තිබූ අතර, කිහිපයකට වරද පිළිගෙන ඇත.

එම වැරදි පදනම් කරගෙන, වැරදි නොකර ඉන්න අවස්ථාවේ, එයට ඉඩ නොදී, අත්අඩංගුවට ගෙන, දරුණු ලෙස වධ හිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා, අධිකරණය යොදාගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශන ඒකකයේ, `දරුවන් නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,

........... කුරේ