රු: 218,812.28 ක් වටිනා ‘‘නඩු බඩු’’
    උසාවියෙත් නැහැලූ ! පොලීසියෙත් නැහැලූ !
        අතුරුදහන්ව ඇත්තේ, විවිධ ප‍්‍රමාණයේ
             ඉරූ තේක්ක දැව කැබලි 92 කි.

ක‍්‍රිස්ටි ගේ නිවසේ තිබූ, ඉරූ, තේක්ක, සාලිය වැව පොලීසිය අත්අඩංගුවට ගත්තේ වසර 08 කට පෙරය.

නඩුව, පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාග වී, වසර 8 පස්සේ, ක‍්‍රිස්ටිව නිදොස් කොට නිදහස් කර, අත්අඩංගුවට ගන්නා ලද ඉරූ තේක්ක, නඩු භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කළේය.

අත්අඩංගුට ගත් ඉරූ තේක්ක, උසාවිය භාරයේ නැති බවද ප‍්‍රකාශ කළ නිලධාරීන්, පොලීසියෙන් විමසන ලෙසට ක‍්‍රිස්ටිට දැන්විය.

ක‍්‍රිස්ටි, තීන්දුව රැුගෙන සාලිව වැව පොලීසියට ගිය විට, පොලීසියෙන් කියා සිටියේ, ‘‘නඩු බඩු’’ තියෙන්නේ උසාවියේ බවයි.

කි‍්‍රස්ටි, ‘‘නඩු බඩු’’ ගැන, සාලිය වැව පොලීසියේ ස්ථානාධිපතිගෙන් හා පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්ගෙන් විමසා ඇත.

එහි පිටපතක්
අධිකරණ සේවා කොමිෂන් සභාව ලේකම් වෙත ද යවා තිබේ.

දින 14 ක් ඇතුළත පිළිතුරක් අපේක්ෂාවෙන් ක‍්‍රිස්ටි සිටී.