ලි.ප.තැ.

 මහනැකතිගේ සුමනාවතී පුනාන්දු,

අවු: 92, ජා.හැ.අ. 325781220,

අංක: 1/9, දුම්රියපොල පාර,

පානදුර.

දු.අ. 038 2231553

2025.05.05 වන දින දීය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක

පානදුර දකුණ පොලිස් ස්ථානය

පානදුර

 බරපතල අපරාධයක් සිදුකරන ලද, පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

 2024 සැප්තැම්බර් මස 30 වන දින, සවස 4.00 ට පමණ, යාබද, ‘සණසකාර්යාලයේ, නිරෝෂන්, ඔහුගේ බිරි`ද නිසංසලා, තනූජා, රම්‍යලතා ඇතුලූ හය දෙනෙකු පමණ, ගේට්ටුව කඩා වත්තට ඇතුලූ වී මට පහර දෙන ලදි.

 පහර දීම සිදුකරන ලද්දේ, නිරෝෂන් නැමැත්තාය.

 මෙම පහර දීම නිසා මට, දින 14 ක්, පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ගැනීමට සිදුවිය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කළා.

 මෙම අපරාධය සම්බන්ධයෙන්, මා විසින් පැමිණිලි කර සිටින ලදි. කිහිප වතාවක්, අපව පොලිස් ස්ථානයට කැ`දවා, විස්තර විමසා සිටියා.

 දැනට සිදුවීමට මාස 07 ක් ගතවී තිබේ.

 නමුත්, මේ දක්වාම අපරාධකරුවන්ට එරෙහිව, ගරු අධිකරණයට වාර්තා කර නොමැත.

 මෙම පහරදීම නිසා, මාගේ ඇසට සිදුවූ තුවාලයට අදටත් ප‍්‍රතිකාර ගනිමි.

 අපරාධය සිදුකළ පුද්ගලයින් නිදැල්ලේ සිටිනවා පමණක් නොව, ‘‘පොලීසිය - අපේ අතේ’’ කියමින්, මා හා මාගේ දරුවන් නින්දාවට පත් කරයි. මානසික වධයට පත් කරයි.

 තවදුරටත් ප‍්‍රමාද නොකර, මෙම අපරාධය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

 මෙයට,

 මහනැකතිගේ සුමනාවතී පුනාන්දු

පිටපත්:

01. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ

02. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, ජේ.පො.අ. කාර්යාලය, පානදුර

2025.01.10 දාතමින් මා ඉදිරිපත් කරන

ලිපියට අවධානය යොමු කරන මෙන් ඉල්ලමි.