මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ, නඩු දෙක මූලික කරගෙන සිදුව තිබෙන අක්‍රමිකතා...

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ, නඩු දෙක මූලික කරගෙන සිදුව තිබෙන අක්‍රමිකතා...


 ලි.ප.තැ.

 ඇන්ටනී ජාන්ස්, 2025.05.08 දාතමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් අමතන ලද ලිපයේ මෙසේ සහන් වේ.

 මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ, නඩු අංක : බී 1461/2012 හා 75241 /2013නඩු දෙක මූලික කරගෙන සිදුකර තිබෙන බරපතල දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධවයි.

 ඉහත නම් සඳහන් මා, මෙම නඩු දෙකට අදාළ, වින්දිතයා වන අතර, මුල් පැමිණිලිකරු වෙමි.

පැමිණිලිකරු: ස්ථානාධිපති, මාරවිල පොලිස් ස්ථානය.

 2. මෙම නඩුවේ සැකකරු/චූදිත මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය මූලික කරගෙන, නීති වෘතියේ යෙදෙන, ඉන්ද්‍රසිරි සේනාරත්ත නම් නීතිඥවරයාය.

 3. මෙම ඉන්ද්‍රසිරි සේනාරත්ත නම් නීතිඥවරයාට එරෙහිව, බී.1461/2012 නඩුව, මාරවිල පොලීසිය පවරන ලද්දේ, 2012.12.24 දිනය.

 4. මෙම නඩුව (බී1461/2012) ප්‍රථම කැඳවීම, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ, මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඉදිරියේ සිදුවිය.

 5. චෝදනා 04 ක් යටතේ පවරා තිබූ නඩුවේදී, ඉන්ද්‍රසිරි සේනාරත්න නීතිඥවරයාට, රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් නියම කර, නඩුව සමථ මණ්ඩලයට යොමු කිරීමට නියෝග කරන ලදි.

 6. ඉන්ද්‍රසිරි සේනාරත්ත නැමති නීතිඥවරයා, ඇප කරුවෙකු ඉදිරිපත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා, නිතිඥවරයෙකු නිසා, ඉදිරි දිනයේ ඇපකරුව, ගරු අධිකරනයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින්, පුද්ගලික ඇපයක් මත මුදාහරින ලදි.

 7. නඩුව, 2013 ජනවාරි 28 දිනට කල් තබන ලදි.

 8. 2013.01.28 දින, නඩුව කැඳවූ අවස්ථාවේදී, 2012.12.28 දින, අධිකරණ නියෝග සම්බන්ධයෙන් කිසිදු විමසීමක් නොකර, එකී නියෝග යටපත් කර, සමථ වාර්තා කැඳවන ලෙසට නියම කර, 2013.05.20 දිනට නඩුව කල් තබන ලදි.

 9. 2013.02.18 දින, මාරවිල පොලීසියේ සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති, කරුණු දැක්වීමට මෝෂමක් මගින් නඩුව කැඳවා තිබේ. (කරුණු දැක්වීම සටහන්ව නැත.)

2013.02.18 වන දින, සිදුවූයේ, මාරවිල පොලීසියේ. ජයමහ නිලධාරියාගේ කූඨ ප්‍රකාශය පිළිගෙන, බී 1461/2012 නඩු පොතට මාගේ අත්සන බලහත්කාරයෙන් ලබා ගැනීම පමණි.

 10. 2013.05.20 දින, අතිරේඛ මහේස්ත්‍රාත්තුමා, නඩුව ඉල්ලා අස් කර ගැනීමට අවසර දී, චූදිත, ඉන්ද්‍රසිරි සේනාරත්ත නීතිඥවරයාව, නිදොස් කොට නිදහස් කරන ලදි.

සටහන් බලන්න යයි, සටහන් කර තිබුණද, කිසිදු සටහනක් ගොනුවට ඇතු`ඵව නැත.

 11. මාරවිල පොලීසිය හා එක්ව, ඉන්ද්‍රසිරි සේනාරත්න නම් නිතිඥවරයා, මා විසින් 2011.11.24 වන දින, මෙම පුද්ගලයා මට සිදුකරන ලද පහරදීම අදාළ, පැමිණිල්ල මුල් කරගෙන, 2013.01.11 වන දින, ඉන්ද්‍රසිරි සේනාරත්න නම් නිතිඥවරයා, මට අතින් පහරදීම යන චෝදනාව නගා 75241/2013 යටතේ, මාරවිල ම/උ හි නඩුවක් ගොනු කරන ලදි.

 12. මෙම 75241/2013 නඩුව, කැඳවූ ප්‍රථම දිනය වූ, 2013.12.18 දිනයේදීම, මාරවිල පොලීසිය, මෝෂමක් මගින් බී 1461/2012 නඩු ව කැඳවා,මෙම බී 1461/2012 නඩුව, අදාළ සිදුවීම හා 7524 ක්‍රැ2013 නඩුවට අදාළ සිදුවීම එකක් ලෙසට වංචනික හා කූඨ ලෙසට මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර, බී 1461/2012 නඩුව ඉල්ලා අස්කර ගැනීමට ඉල්ලා සිටින ලදි.

 13. මෙම කූඨ, වංචනික ක්‍රියාව පිළිබඳ ගරු මහේස්ත්‍රාත්තුමා දැන හෝ නොදැන, මාරවිල අධිකරණයේ නීතිඥවරුන්ගේ හා පොලීසියේ බලපෑමට, බී 1461/2012 නඩුව ඉල්ලා අස්කිරීමට අවසර දිම නිසා,

 මෙම, ඉන්ද්‍රසිරි සේනාරත්න නම් නීිතිඥවරයා, ගරු අධිකරණ නියෝගය වූ,රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපකරුවෙකු ඉදිරිපත් කිරීම, හිතාමතා, පොලීසියේ හා අධිකරණයේ යම් නිලධාරීන්ගේ සහය ඇතිව, කඩ කර, ඉන් නොනැවතී, දින වශයෙන්ද, සිද්ධි වශයෙන්ද, චෝදනා වශයෙන්ද, එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්/පරස්පර පැමිණිලි දෙකක් හා නඩු දෙකක්, එකම සිදුවීමක් ලෙසට අධිකරණයට ප්‍රකාශ කර, අපරාධයක් සිදුකරන ලද, ඉන්ද්‍රසිරි සේනාරත්න නම් නීතිඥවරයාව නිදොස් කොට නිදහස් කරගනු ලබනවා.

 අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ගෙන් ඉල්ලා සිටින්නේ, අපරාධයක් කරන ලද, පුද්ගලයකු නීතිඥනරයෙකු වීම නිසා, ඔහු වෘතියේ නියැලෙන අධිකරණයේ, නීතිඥවරුන්ගේ හා අදාළ පොලිස් බලපෑමට ලක්ව, සිදුකර තිබෙන වංචා සහගත, කූඨ ක්‍රියාව පිළිබඳව, නිසි පියවර ගෙන යුක්තිය ඉටු කරන ලෙසටත්,

 විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර, අදාළ ලේඛණ ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන් වහාම, ඉදිරිපත් කරන බව දන්වමි.

 සටහන:

මෙම කූඨ/වංචනික ක්‍රියාව ගැන, මා විසින්, ලිඛිතව හා වාචිකව, ඔබ කොමිෂමට, පොලිස්පතිට වාර ගණනාවක් පැමිණිලි කර ඇත. සමහර පැමිණිලිවලට, විමර්ශන සඳහා වාර්තා ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව දන්වා තිබේ.

 නමුත් සිදුවූ දෙයක් නැත.

 මේ වන විට, මෙම ඉන්ද්‍රසිරි සේනාරත්න නම් නීතිඥවරයා, මහේස්ත්‍රාත්වරයාට, අල්ලස් දී ඇති බවත්, ඒ හා අදාළ මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කර තිබෙන, මාධ්‍ය මගින්, ප්‍රචාරය විය.

 මෙම නීතිඥවරයා නිදැල්ලේ සිටින බව පෙන්වා දිය යුතුයි.

 තවද, මේ සම්බන්ධයෙන් අගවිනිසුරුතුමාගේ උපදෙස් මත, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින්, 2016.07.21 දාතමින් පොලිස්පති අමතන ලිපියේ පිටපතක් මේ සමග අමුණා එවමි. එයටද සිදු වූ දෙයක් නැත.

මෙයට,

ඇන්ටනී ජාන්ස්