අම්මා මැරිලා හින්දා ගේ හා ඉඩම හිමි පුතාටබව නියා, ඇල්පිටියේ පදිංචිකාරියකට, මව, දැනටත් පදිංචිව සිටින ගේ හා ඉඩම රු:-150,000/-කට, වංචිනිකව උකස කර තිබින.

එය දැන ගත් මව, කර තිබෙන වංචාව ගැන, පළමුව අ`ථබොමුල්ල පොලිසියට පැමිණිළි කළද වැඩක් නොවුන නිසා ජෙ.පො.අධිකාරි කාර්යාලයට ගොස් කර තිබෙන වංචාව ගැන කියා සිටින ලදි.

ජෙ.පො.අධිකාරි කාර්යාලය ඔප්පුව ලියපු අ`ථබොමුල්ලෙ නිතිඥ හා නොතාරිස් සොමසිරි ව, උක්සකරු මධුරංගව හා උකසගත් තානාත්තිය කැඳවන ලදි.

කැඳවීමට පැමිණියේ නිතිඥ හා නොතාරිස් සොමසිරි සමග උකසටගත් තැනැත්තියගේ පුතාය. ඔහු පළමු සාක්ෂිකරුය.

කරුණු ඇසු ජෙ.පො.අධිකාරි කාර්යාලයේ නිලධාරි, කිසිම වංචාවක් සිදුව නැති බව පවසා, අලුත් ඔප්පුවක් ලියන බවත් එයට අත්සන් කරන්නට මවට පැමිණෙන ලෙසටත් දන්වා ඇත.

මව වංචාව ගැන කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

01. කොමසාරිස්, ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලය, ගුණතිලක මාවත, පානදුර

02. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, පානදුර

පණ පිටින් ඉන්න අයව මරලා, හොර ඔප්පු ලියූ, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනපල විතානගේ සෝමසිරි හා එක්ව, `ඵත් ඔප්පුවක් ලියාපදිංචි කරවීමට දරන උත්සාහයවළක්වන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ඉන්ද්‍රානි අවු: 50 යි, ජා.හැ.අ.---------- දික්කසාද, දරුවන් 02 යි, රැකියාව:- රියදුරු, ලිපිනය: පානදුර. දු.අ.------2024.08.09වන දින දීය.

මෙසේ ප‍්‍රකාශකර සිටිමි.

මා හට අයත්, නීත්‍යානුකූලව, දැනට මා පදිංචි, පානදුර, නිවස හා පර්චස් 10 විශාල ඉඩම,

02. මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූ, ----මධුරංග වන මාගේ පුතා, පානදුර, `ඵබෝමුල්ල, රුක්ගහ පාර, අංක: 118/4, ලිපිනයේ, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනපල විතානගේ සෝමසිරි නැමති අය සමග එක්ව, මත්තක, බඹරාන, උස්බිම් ජනපදය යන ලිපිනයේ පදිංචි, චන්ද්‍රාවතී (ජා.හැ.අ.---) යන තැනැත්තියට, රුපියල් එක් ලක්ෂ පනස් දහසකට,රු: 150,000උකස් කර ලියා ඇත.

03. පානදුර, ----නිවස හා පර්චස් 10 විශාල ඉඩම සින්නක්තර හිමිකරුවන් වන්නේ,

(1 ඉන්ද්‍රානිමා හා,

(2* සජිත් හා

(3* මධුරංග යන

පුතුන් දෙදෙනාටය.

04. මා ඇතු`ඵ පුතුන් දෙදෙනාට අයත්, මෙම නිවස හා ඉඩම, මාගේ මධුරංග පුතා, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි එක්ව, උකස්කරය ලියා ඇත්තේ, මා මිය ගිය බව ස`දහන් කරමින්ය.

05. එමෙන්ම, මෙම උකස්කරය ලියන ලද්දේ, නිවස හා ඉඩමේ, සම හිමිකරුවෙකු වන, --සජිත් ගැන ස`දහනක් නොමැතිවය.

06. නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි, මෙම උකස්කරය ලියා ඇත්තේ, දැන දැනම සත්‍ය තොරතුරු වසන් කරය.

07. නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි, මෙම නිවස හා ඉඩම, හිමිකරුවන් පිළිබ`දව දැන දැන, ව්‍යාජ උකස්කරය ලියා ඇත.

08. ජිවත්වන මා, මිය ගොස් ඇති බවට, `දහන් කිරීමට තරම්, නීචවී ඇත.

09. මෙම බරපතල වංචාව, දුෂණය පිළිබ`දව මා, දැන ගත් විගස, 2024.08.02 දින, `ඵබෝමුල්ල පොලීසියට ගොස් පැමිණිල්ලක් කළෙමි.

10. එකී පැමිණිල්ල ගැන කිසිදු ප‍්‍රතික‍්‍රියාවක් නොමැති බැවින්, 2024.08.06, මා, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ, තෙවන මහලේ වංචා විමර්ශන අංශයට යොමු කරන ලදි.

11. එහි, පැය 2 ක් බලා සිටීමෙන් අනතුරුව, ‘‘වංචා විමර්ශන’’ අංශයේ ප‍්‍රධානියා, පසු දින එන්න කිව්වා. නමුත් අදාළ පාර්ශව පැමිණ සිටියේ නැති නිසා, 2024.08.07 එන්න කිව්වා.

12. 2024.08.07 දින, අදාළ පාර්ශවය ආවේ නැහැ.

13. 2024.08.09 දින, පෙ.ව. 11.30 ට පැමිණෙන ලෙස කරන ලද දැණුම් දීම අනුව, මා ගියා.

14. මෙදින, (2024.08.09* ව්‍යාජ උකස් ඔප්පුව ලියන ලද, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි සමග පළමු සාක්ෂිකරු හිනි`දුම ලියනගේ නුවන් පැමිණියා.

15. උකස් ගන්නා ලද පාර්ශවය වන, වීබදු කංකානම්ගේ චන්ද්‍රාවතී හෝ උකස් තිබ්බ අය වන, මධුරංග පැමිණ සිටියේ නැත.

16. නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි නැමැත්තා, උකස්කරය, නිවැරදිව ලියා තිබෙන බව කියා සිටියා.

ඉන් අනතුරුව, මට, 2024.08.11 වන දින මාගේ (අනෙක් හිමිකරු) ලොකු පුතා වන, සමග එන්න කිව්වා.

17. එදිනට, මෙම ව්‍යාජ උකස් ඔප්පුව ලියන ලද, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි නැමැත්තා, මාගේ හා ලොකු පුතාගේ නම් ඇතුළත් කර, ඔප්පුවක් ලියාදෙන බව කියා සිටියා.

මෙයින් ඉතා පැහැදිළි වූයේ, පොලීසිය ඉදිරියේ, අයුතු බලපෑම් කර, ව්‍යාජ ඔප්පුව වෙනුවට, වෙනත් ඔප්පුවක් ලියා, මෙම බරපතල වංචාව සිදුකරන ලද, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරි බේරා ගැනීමටය.

එම නිසා, මා හා මාගේ ලොකු පුතා වන, මෝදර නැකතගේ සජිත් සනිල්ක, පොලීසියට ගෙන්වීමෙන් වළකින ලෙසට ඉල්ලමි.

මෙම, ව්‍යාජ උකස් ඔප්පුව ලියා, ලියාපදිංචි කළ, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් ගෝනගල විතානගේ සෝමසිරිට එරෙහිව මා, මේ වන විටත් අදාළ පාර්ශවයන්ට, පැමිණිලි කර ඇති බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

ඉන්ද්‍රානි