මහා පරිමාණ හරක් සොරකම් කිරීම, මස් කිරීම කරන පුද්ගලයින්ගේ, අවශ්‍යතාවයට, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩු දමා පීඩාවට පත් කිරිම.

නජුමුදීන්, අවු: 29 යි, අවිවාහක, ව්‍යාපාරික, අට`ඵගම, බණ්ඩාරගම.

 2024.09.09 දාතමින්, 01. පොලිස්පත 02. සභාපති - මානව හිමිකම් කොමිෂන් සභාව

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, පානදුර වෙත කරණ ලද ලිඛිත පැමිණිල්ල:-

 2024.08.20, හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති, නඩුවකට සාක්ෂි දීමට පැමිණ, දහවල් 11.00 ට පමණ, ගෙදර එන අතරදී, හොරණ නගරයේදී, බණ්ඩාරගම පොලීසියේ තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගත්තා.

මාව අත්අඩංගුවට ගත්තේ, මා ගමන් ගත් ත්‍රීරෝද රථය නවත්වා. මා සමග අම්මා සිටියා.

මාව, ත්‍රීරෝද රථයෙන් බස්සවා, මුස්ලිම් පල්ලිය පිටිපස්සට ගෙන ගියා. මාව ගෙන ගියේ, මාංචු දාලා. එහිදී, මාව දණ ගැස්සුවා. මාගේ කණට පහරවල් 02 ක් ගැහැව්වා.

ඉන්පසු අඟුරුවාතොට පොලීසියට, දුරකථනයෙන් කථා කර, ගෙන්වා ගත්තා. අඟුරුවාතොට පොලීසියේ, තුන් දෙනෙක් පැමිණ මාව, ත්‍රීරෝද රථයේ නංවාගෙන පොලීසියට ගෙන ආවා.

අඟුරුවාතොට පොලීසියේදී, මාව, කූඩුවට දැම්මා. පසුවදා, 2024.01.21 දින, මාගෙන් ඔවුන් ලියන ලද ප්‍රකාශවලට අත්සන් ගෙන, හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මට විරුද්ධව, හරක් හොරකම් නඩු 03 ක් දාලා තිබුනා.

මාව රක්ෂිත බන්ධනාගාරගත කළා.

දින 14 කට පසුව, 2024.09.05 දින, අධිකරණය මගින්, මා ඇප මත මුදාහැරියා. එදින මා හිටියේ බන්ධනාගාරයේ.

2024.09.06 අධිකරණයට ගෙනවිත්, මුදාහැරියා.

නඩු අංක: 91972, 90591 හා 91971

මෙම නඩු 03, 2024.09.26 දිනට කල් දමනු ලැබුවා.

මේ ආකාරයට, මට විරුද්ධව, බණ්ඩාරගම හා අඟුරුවාතොට පොලීසිය බොරු නඩු දමනු ලබන්නේ, අට`ඵගම මුහම්මර් හා රිස්වාන් යන දෙදෙනාගේ අවශ්‍යතාවයටය.

මේ දෙදෙනා, හරක් හොරකම් කිරීම මෙන්ම, හරක් මරා මස් කිරීම සිදුකරනු ලබයි. මෙය ප්‍රසිද්ධ රහසකි. පොලීසිය, හොඳාකාරවම දනී. මොවුන් පොලීසියට කප්පම් දෙනු ලබයි.

ඉල්ලා සිටින්නේ, නීත්‍යානුකූලව, කුකුල් මස් කඩයක් පවත්වාගෙන යනු ලබන හා ගොවිපලක් (එ`ඵවන් ඇති කිරීම) පවත්වාගෙන, ජීවිකාව කරන මා හට, අපරාධකරුවන්ගේ අවශ්‍යතාවයට, ව්‍යාජ නඩු දැමීම වළක්වාලන ලෙසට හා අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

නජුමුදීන්