ප්‍රියන්ත සේවයෙන් ඉවත් කරන ලද කොස්තාපල්වරයෙක්.

2015 ජූලි 25, ඔහු, කැඳවිමට අනුව. ඇඹිලිපිටිය පොලීසියට යන ලදි.

එහිදී, මූලස්ථාන පොලිස් පරීක්ෂක, එස්.ආර්.ජේ.ඩයස්, කුණු හරුප කියමින්, බැන, පිස්තෝලයෙන්, අතින් පයින් පහර දී ඇත.

හේතුව, ප්‍රියන්ත, කලකට පෙර, මූ.පො.ප. එස්.ආර්.ජේ. ඩයස් ටඑරෙහිව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් කර තිබීමය.

පහර දීමෙන් අනතුරුව, කූඩුවට දමා, කිසිවෙකුට කථා කිරීමට ඉඩ දී නැත.

කැඳවීම මත, පොලීසියට ගිය ප්‍රියන්තට, මූලස්ථාන පොලිස් පරීක්ෂක, අමු කුණුහරුප කියමාන් බැන තර්ජනය කර, පහර දීම සම්බන්ධයෙන්, නීති ආධාර කොමිෂම මාර්ගයෙන්, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.

2016 ගොනු කරන ලද පෙත්සම, 2022 ජූලි 9 හා 10 විභාගයට ගෙන, 2024 අගෝස්තු 22 තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම පෙත්සමේ, පළමු වගඋත්තරකරු ලෙස නම් කර තිබූ, ඇඹිලිපිටිය පොලීසියේ, මූ.පො.ප. එස්.ආර්.ජේ. ඩයස්ට, ප්‍රියන්තට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක්ද, නඩුව, පවරා පවත්වාගෙන ගිය නීති ආධාර කොමිෂමට, රු: 50,000/- ගෙවීමට නියම කරනු ලැබීය.

එයට අමතරව, ඇඹිලිපිටිය පොලීසියේ, මූ.පො.ප. එස්.ආර්.ජේ.ඩයස්ට විරුද්ධව මසක් තුළ, විනය පියවර ගන්නා ලෙසටද, ඔහුට විරුද්ධව වධ හිංසා පනත යටතේ නඩු පැවරිමට පියවර ගන්නා ලෙසටද, නියෝග කර ඇත.

තවද පොලිස් කොමිෂමට, නීතිපති උපදෙස් අනුව, පළමු වගඋත්තරකරු, මූ.පො.ප. එස්.ආර්.ජේ. ඩයස් හා උ.පො.ප. රණසිංහට එරෙහිව වීනය පියවර ගන්නා ලෙසටද නියම කර තිබේ.

වැදගත් කරුණක් වන්නේ, නීතිපතිගේ උපදෙස් මත, පොලිස්පතිවරයා, පළමු වගඋත්තරකරු, මූ.පො.ප. එස්.ආර්.ජේ.ඩයස් හා දෙවන වගඋත්තරකරු උ.පො.ප. රණසිංහට විරුද්ධව, පියවර නොගැනීමට හේතු, මසක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කර තිබීමයි.

මෙම නඩු තීන්දුවේ, විශේෂත්වයක් ලෙසට අප දකින්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයන්ය.

එකී නිරීක්ෂණයන් පහත දක්වමු.

ශ්‍රී ලංකාවේ පොලීසිය, ඉහළ සිට පහළට, ජාතික පොලිස් කොමිෂම, පොලීසිය සෑම විටම සිදුකරන, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම්, වධ හිංසා පැමිණවීම්, බොරු නඩු දැමීම් ගැන අපරාධය සිදුකරන නිලධාරීන්ට එරෙහිව, පියවර නොගන්නවා පමණක් නොව, ඔවුන්ට ධෛර්යය දීම සිදු කරයි.

එමෙන්ම, මානව හිමිකම් කොමිෂමද ක්‍රියා කරන්නේ, ඊට නොදෙවෙනි ආකාරයටය.

නීතිඥවරුන් මෙම ක්‍රියාවට වක්‍රව අනුබල දෙන්නේ, වෘතීය වගකීම පැහැර හරිමින්ය.