ලක්ෂ ක් වන i phone එක පැහැර ගත්තු එකා එළියේ

පැමිණිල්ල දාන්න ගිය එකා ඇතුළේ

ගොරකා දඩ මස් කළේ

සල්ලි වලට ද?

මතීෂ, ජංගම දුරකථන අලූත්වැඩියා කිරීම හා විකිණීම ජීවනෝපාය කරගත් 18 හැවිරිදිතරුණයෙක්.

ලක්ෂ ක් වන i phone- ජංගම දුරකථනයක් අලෙවි කරන්න ගෙන යන අතර චාරුක නමැති අය පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් දැමීමට ගිය මතීෂ ගේ හිස මත 'දේවාලය" කඩා වැටී තිබේ.

පැමිණිල්ල භාර නොගත් පොලීසිය, සැකකාර මතීෂ ට ඇමතුමක් දීගෙන්වා ගෙන, ඔහුව මුදා හැර, මාස 08 කට පෙර, පහර දීමක් පිළිබඳ කරන ලදැයි කියන පැමිණිල්ලකට අත්අඩංගුවට ගෙන රැයක් පුරා කූඩුවේ තබාගෙන සිට, පසු දින පහර දීමක්සිදු කළ බවට චෝදනා කර, උසාවි දමන්නට තරම් පානදුර දකුණු පොලීසිය යුක්ති සහගතව තිබේ.

මතීෂ බලධාරීන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ

රු: ලක්ෂ 3 1/2 වටිනා, i phoneඑක පැහැරගත් චාරුක ගිම්හාන්ට එරෙහිව,

නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

දියගු හැන්නැදි ජයවීර පටබැඳිගේ මින්දුල මතීෂ, අවු: 18 යි මාස 09, ජා.හැ.අ. 20053560534, අවිවාහක, රැකියාව: ජංගම දුරකථන අ`ඵත්වැඩියාව හා විකිණීම. ලිපිනය: 21/්ල ශ්‍රී මහා විහාර පාර, පානදුර. දු.අ. 076 2559620

2024.08.22 වන දින දීය.

2024.08.15 දින, ප.ව. 1.45 ට පමණ, බස් නැවතුම්පලට යන විට, ශ්‍රී මහා විහාර පාරේ, ඡන්‍ඍ ආයතනය ඉදිරිපිටදී, යතුරුපැදියකින් පැමිණි, චාරුක ගිම්හාන්, මා අසල නැවැත්තුවා.

මා අත තිබූ, ජංගම දුරකථනය, බලන්න ඉල්ලුවා. මා, එය ඔහුට දුන්නා. ඔහු, එය බලන අතර, ක්ෂණිකව, සාක්කුවේ දමාගෙන, යතුරුපැදිය පණ ගන්වාගෙන ගියා.

මා, ඔහුව, හොඳින් දන්නා නිසා, ඔහුට දුරකථනයකින් කථා කර, දුරකථනය ඉල්ලුවා.

ජංගම දුරකථනය දෙන්නේ නෑ, පු`ඵවන් විදයකට ගන්න යයි කිව්වා.

ඒ නිසා, මා, පානදුර දකුණ පොලීසියට පැමිණ, දුරකථනය පැහැර ගැනීම ගැන විස්තර දුන්නා.

මා, සු`ඵ පැමිණිලි අංශයට, විස්තරය කියා සිටියා. එවිට, එම නිලධාරියා මට කිව්වා, මූලස්ථාන පොලිස් පරීක්ෂකගෙන් අහන්නේ නැතිව, පැමිණිල්ල ලියා ගන්න බැහැ කියා.

මාව, මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත යොමු කළා.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, විස්තර අසා, මාගේ අත තිබූ දුරකථනය ලබාගෙන, චාරුක ගිම්හානට ඇමතුමක් දීලා, සිද්ධිය ගැන විමසා සිටියා.

ඊට පසුව, මූලස්ථාන පොලිස් පරීක්ෂක මට කිව්වා, පසුදින, 2024.08.17, උදේ 9.00 ට පොලීසියට එන්න කියා.

මා, උදේ 9.00 ට පොලීසියට ගියා. චාරුක ගිම්හාන්, පැය 2 කට පසුව ආවා. ඔහු, සැරයන් ටෙරන්ස් සමග කථා කර, අප දෙදෙනාව, මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ඉදිරිපත් කළා.

දෙදෙනාගෙන්ම, විස්තර අසා, අපව, විවිධ පැමිණිලි අංශයට යොමු කළා. එහිදී, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතු`ඵ නිලධාරීන් විස්තර අසා සිටියා.

ඒ අතර, චාරුක ගිම්හාන් කියා සිටියා, 2024.01.04 දින, තමා දමන ලද පැමිණිල්ලකට පියවරක් ගෙන නැති බව. එම පැමිණිල්ලේ තිබුනේ, මා ඔහුට පහර දුන්නා කියා.

රුපියල් ලක්ෂ 3 1/2 ක් වටිනා ජංගම දුරකථනය පැහැර ගෙන යෑමේ පැමිණිල්ල දවස් 14 ක් ගිහිල්ලා ආවට පස්සේ, දාන්න පු`ඵවන් කියා, මාගෙන් ප්‍රකාශයක් ලියාගෙන, අත්අඩංගුවට ගෙන, මාව කූඩුවට දැම්මා.

එදින රාත්‍රියේ කූඩුවේ හිටියා. පසුදින, 2024.08.18 ඉරිදා, නිල නොලත් මහේස්ත්‍රාත්තුමියගේ නිවසට ගෙන ගියා.

ඒ අවස්ථාවේ, මා වෙනුවෙන්, නීිතිඥ ඉරේෂා ප්‍රියදර්ශනී මහත්මිය ඉදිරිපත් වුනා.

මාව, ශරීර ඇපයක් මත මුදා හැරියා. මීළඟ නඩු දිනය: 2025 මාර්තු මස බව කියා සිටියා.

ජංගම දුරකථනය පැහැරගෙන යෑම පිළිබඳ පැමිණිල්ල, බාර ගන්නා ලෙසට පොලීසියට නියම කළා.

ඒ අනුව, මා පොලීසියට ගොස්, පැමිණිල්ල කළා. පැමිණිලි අංකය: ක්‍ෂඊ ෂෂ 199රැ144ල දිනය: 2024.08.18

පැමිණිල්ලේ, “විශ්වාසය කඩ කිරිමක්ලෙසට සඳහන් කර තිබුනා. මාගේ ප්‍රකාශය, විශ්වාසය කඩ කිරීමක් නොව, රුපියල් ලක්ෂ 3 1/2 ක් වටිනා ජංගම දුරකථනයක් පැහැර ගෙන යෑමයි.

මාගෙන් පැහැර ගත් ජංගම දුරකථනය,

(1) 15 ඡරදප්ං - ස ඡයදබැ එකක්

(2) එමි අංකය: 3580661418473548

පැහැර ගන්නා අවස්ථාවේ, 070 2574223 මොබිටෙල් සිම්පත විය.

මා ඉල්ලා සිටින්නේ, තවදුරටත් ප්‍රමාද නොකර, 2024.08.15 දින, මොරටුව, එගොඩ උයන, ජයන්ති පටුමග පදිංචි, චාරුක ගිම්හාන විසින්, (දුරකථන අංක: 074 2520688) රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා ජංගම දුරකථනය පැහැරගෙන යෑම සම්බන්ධයෙන්, නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

දියගු හැන්නැදි ජයවීර පටබැඳිගේ මින්දුල මතීෂ