පන්සලයි, බඩුයි, ලක්ෂ දෙකකුයි

අහිමි කරගත්

චීවරධාරීන් දෙදෙනෙකුගේ

කථාව

2013 දී දාපු නඩුවට 2024 දීපු තීන්දුව

තිස් අවුරුදු යුද්ධ සමයෙන් පසුව නිකවැව රජය සතු භූමියකු අතහැර දමා තිබූ දහම් පාසලක ගොඩ නැගිල්ලකට ඇතුලත් වූයේ නිකායක් නැති, පාර්ෂවයක් නැති චීවර දරා ගත්තු දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම මූලික අයිතිවාසිකම්මින්නේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා ඔවුන්ගේ මූලික හිමි කම් කඩ කළ බවට තීන්දුවක් ලබා ගැනීමටය.

ප්‍රඥා සුරින්ද හා ප්‍රඥා අසිත යනා යන චීවරධාරි දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ තමන් වසර දහතුනක් පුරා නිකවැව සුදුකන්ද ශ්‍රී සම්බෝධි ආරණ්‍යය සේනාසනයේ වැඩ වාසය කළ බවත්, එසේ වැඩ වාසය කරන අතර මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති හා හිමිඟුරක්ගොඩ ප්‍රදේශීය ලේකම්, නීති විරෝධීව තමන්ව එම ආරණ්‍ය සේනාසනයෙන් ඉවත් කිරීම මගින් තම මුලික අයිතීන් උල්ලංඝණය කරන ලද බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය පදනම් රහිතව චීවරධාරීන් දෙදෙනාම නඩු පවරා ඇති බවට තීන්දු කර, නඩු ගාස්තු වශයෙන්මොවුන් දෙදෙනා එක්ව රුපියල් ලක්ෂයක් ශ්‍රේෂ්ඨාධිකරණයට බැරක් කළ යුතු බවට හා තවත්රුපියල් ලක්ෂයක් රජයේ ගාස්තු වශයෙන් නීතිපතිවරයාට ගෙවීය යුතු බවයි.

මෙම මුදල මසක් ඇතුළත මොවුන් ගෙවිය යුතුව තිබේ‍.

සම්පූර්ණ නඩු තීන්දුව සඳහා යොමුව >

https://www.supremecourt.lk/images/documents/sc_fr_382_2016.pdf

)