61 වියේ පසුවන පද්මසිරිසිව් දරු පියෙක්. ඔහු වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරෙක්. කලවාන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක්. නීතිගරුක මෙන්ම ගරුත්ත්වයක් ඇති පුද්ගලයෙක්.

 2020 පෙබරවාරි මාසයේදී කලවාන පොලීසියට ගෙන්වා ඔහුට විරුද්ධව කසිප්පු ප්‍රවාහනය කිරීමයන චෝදනාව යටතේ නඩුවක් පවරා ඇති බවත් නීතිඥයෙකු මගින් අධිකරණයට ඉදිරිපත්ව වරදපිළිගෙන රු:-5,000/-දඩයක් ගෙවා නිදහස් වන ලෙසටත් උපදෙස් දී තිබේ.

 අධිකරණයට ඉදිරිපත් වූ පද්මසිරි චෝදනාව ප්‍රතික්ෂේප කර නඩු මගට බසින ලදි. නඩුවට දැන් වසර 04ක් ගතව තිබේ.

 මොහුට නිරන්තරයෙන් බලපෑම් කරන්නේ වරද පිළිගෙන රු:- 5,000/- දඩය ගෙවා නිදහස් වන ලෙසටය.

 මේ සම්බන්ධයෙන් පද්මසිරි නීතිපති අමතන ලද ලිපිය පහත දැක්වේ.

 පද්මසිරි -----

2024.08.29

 නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, උපරිමාධිකරණ සංකීර්ණය,

`ඵත්  කඩේ, කොළඹ 12

 කලවාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින,

       නඩු අංක : 197-----සම්බන්ධවයි.

 උක්ත නඩුවේ චූදිත, මා වෙමි.

 2. කලවාන පොලිස් ස්ථානය මගින්, මෙම නඩුව, පවරන ලද්දේ, 2020.03.15 වන දිනය.

 3. චෝදනාව වූයේ, 2020.02.11 වන දින, හෝ ආසන්න දිනයක, කසිප්පු මිලි ලීටර් 750 ක්, අංක: ීඨ ශූදරන ත්‍රීවිල් රථයෙන් ප්‍රවාහනය කිරිමය.

 4. නමුත්, ත්‍රීරෝද රථය, අත්අඩංගුවට ගැනීමක් හෝ ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමක් කළේ නැත.

 5. මට විරුද්ධව, ව්‍යාජ චෝදනා නගා නඩුවක් පවරා තිබෙන බවට, පොලීසිය මගින් කරන ලද දැනුම් දීම මත, මා නීතිඥවරයෙකු මාර්ගයෙන්, මෝෂමක් මගින් ගරු අධිකරණයට ඉදිරිපත් වූවෙමි. දිනය : 2020.12.25

 6. එතැන් පටන්, නඩුව කල් දමමින් පවතින අතර මීළඟ දිනය: 2024.09.18 දිනය.

 සැ.යු. මේ වන විට, නඩු වාර 20 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා තිබේ.

 ගරු නීතිපතිතුමනි,

 7. මෙම ව්‍යාජ නඩුව, සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු, ඔබගේ අවධානය සඳහා යොමු කරමි.

 7.1. මා සන්තකයේ තිබූ බවට, පොලීසිය, ගරු අධිකරණයට ප්‍රකාශ කරන ලද, කසිප්පු

මි.ලී. 750 ක බෝතලය, ගරු අධිකරණයට ඉදිරිපත් කළේ, 2020.09.18 දිනය. එනම්

මාස 09 කට පසුවය.

 7.2. 2020.02.14 වන දින, කලවාන පොලීසිය කැඳවන ලදි. එදින, 2020.02.18 වන දින,

එන ලෙසට දැනුම් දෙන ලදි.

 7.3. 2020.02.18 වන දින, පොලීසියට ගිය විට, කසිප්පු බෝතලයකට නඩුවක් දාලා

තියෙනවා, උසාවියට ඉදිරිපත්ව, රු: 5,000/- ක දඩයක් ගෙවන ලෙසට කියන ලදි.

 (පෙර සඳහන් කරන ලද පරිදි, මා ගරු අධිකරණයට ඉදිරිපත් වුවද, වරදපිළිගත්තේ නැත.)

 7.4 මට විරුද්ධව පවරා ඇති නඩුව අදාළව, කලවාන පොලීසියේ සු`ඵ පැමිණිලි අංශයේ තොරතුරු පොතේ සටහන්වලට අනුව, මාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, 2020.02.11වන දින, දහවල් 3.00 ට පමණය.

සැ.යු. එම වේලාවේ, පපුවේ අමාරුවක් සෑදී, මීගහතැන්න දිසා රෝහලට ඇතුලත්වප්‍රතිකාර ගනිමින් සිටින ලදි. ඒ බව සනාථ කර, වෛද්‍ය සහතික, ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 8. මෙම ව්‍යාජ නඩුව පැවරීම ගැන, මා විසින්, 2020.03.05 දාතමින්, ඔබ වෙත කරුණු දක්වා සිටින ලදි.

එයට, 2021.01.27 දාතමින්, ඔබගේ අංක: --------2020 දරන පිළිතුර, මට එවා තිබින.

 8.1. එම ලිපියෙන් ඔබ කියා තිබුනේ, නඩුව, කලවාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින හෙයින් මැදිහත්වීමට හැකියාවක් නොමැති බවය.

 9. මෙම නඩුව, වසර 4 කුත් මාස 06 ක් පුරා, කලවාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතී.

 10. මේ සඳහා මා, නීතිඥ ගාස්තු වශයෙන් පමණක් රු: 50,000/- ක් ගෙවා තිබේ.

 ගරු නීතිපතිතුමනි,

 11. පොලීසිය කියන පරිදි, මෙම බොරු චෝදනාව, මා, ගරු අධිකරණයේදී පිළිගත්තේ නම්, මට වැය වන්නේ, නීතිඥ ගාස්තු රු: 5,000/- ක් හා දඩ මුදල රු: 5,000/- ක් පමණි.

 12. දැනට පවතින ක්‍රමයට, තව වාර කීයක් මෙම නඩුව පවතීද යන්න කිව නොහැක.

 13. නීතිඥ ගාස්තු වශයෙන් පමණක්, තවත් කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද යන්න කිව නොහැක.

 මා ඉල්ලා සිටින්නේ,

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නොපමාව මැදිහත්වන ලෙසටය.

 සැ.යු. සම්පූර්ණ නඩු වාර්තාව හා අදාළ ලේඛණ, විමර්ශනයේදී ඉදිරිපත් කිරීමට මට හැකියාව තිබෙන බව සඳහන් කරමි.

 මෙයට,

 පද්මසිරි