01. පොලිස්පති02. සභාපති- මානව හිමිකම් කොමිෂන් සභාව03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී -ක`ඵතර
ලිඛිත පමිණිල්ල
බුලත්සිංහල පොලිස් බල ප‍්‍රදේශයට අයත්, හල්වතුර ප‍්‍රදේශයේ, නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීම යටතේ, ව්‍යාජ චෝදනා නැගීමට දරන උත්සාහය වළක්වලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
අ`ඵත්දුරගේ මනෝජ් පුෂ්පකුමාර, අවු: 27 යි, ජා.හැ.අ. 980901157 විවාහක, දරුවන් 01 යි, රැකියාව: ව්‍යාපාර (අබලි ද්‍රව්‍යය එකතු කර, විකිණීම), ලිපිනය: හල්වතුර, බුලත්සිංහල. දු.අ. 076 8594735
2025.03.24 දින දීය.
බුලත්සිංහල, හල්වතුර ගමේ, මහා පරිමාණ නීති විරෝධී මද්‍යසාර (කසිප්පු) ජාවාරම සහ ‘‘අයිස්’’ මත් ද්‍රව්‍යය ජාවාරම, කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබයි.
2023 ඔක්තෝබර් මස, ඉහත නම් ස`දහන් අය සිදුකරන මහා පරිමාණ නීති විරෝධී මද්‍යසාර (කසිප්පු) ජාවාරම සිදුකරන
හා බලපත‍්‍ර රහිත මුදල් පොලියට දෙනු ලබන, උපාලි හෙවත් බොල උපාලිට එරෙහිව පහර දීමට තැත්
කිරීම හා ප‍්‍රකෝප කිරීම සම්බන්ධයෙන්, බුලත්සිංහල පොලීසියට පැමිණිල්ලක් කළෙමි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොවීය.
එම පසුබිම තුළ, 2023.12.19 වන දින, මා, උසාවියට යන අතරතුර, බුලත්සිංහල පොලීසියේ, කසුන් නැමති අපරාධ අංශයට සම්බන්ධ නිලධාරී, තවත් නිලධාරීන් එකතුව, ඈගල්ඔය හංදියේදී අත්අඩංගුවට ගනු ලබුවා.
පොලීසිය, මාව, අයිස් මත් ද්‍රව්‍යය මි.ග‍්‍රෑ. 10630 ක් ළ`ග තබා ගැනීම හා ප‍්‍රවාහනය යන ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මාගේ කුඩා ලොරියද අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම චෝදනාවට, මට මහාධිකරණය මගින් පවා ඇප ලබා ගැනීමට බැරිවුනා.
මාස 09 කට පසුව, 2024.09.16 දින, රු: 5,000/- ක මුදල් ඇපයක් හා ශරීර ඇප මත, මා මුදාහැරියා.
එම නඩුවේ අංකය: බී.ආර්. 2957/23 -මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය.
මීළ`ග නඩු දිනය: 2025.04.04 වේ.
නඩු භාණ්ඩයක් ලෙසට ගත් කුඩා ලොරිය, ඇප මත මුදාහරිනු ලැබුවා.
මීට වසර දෙකකට පෙර, මට විරුද්ධව, නීති විරෝධී මත්පැන් (කසිප්පු) නඩු 05 ක් තිබූ බව පිළිගනිමි. නඩු කීමට නොහැකි නිසා වරද පිළිගෙන, දඩ ගෙවා නිදහස් වූයෙමි.
මෙම පසුබිම යටතේ, බුලත්සිංහල පොලීසිය සමග සමීප සම්බන්ධතා පවත්වන මහා පරිමාණ නීති විරෝධී මත්පැන් (කසිප්පු) ජාවාරම සිදුකරන, බුලත්සිංහල, හල්වතුර, ඇටකන්ද පදිංචි උපාලි (බොල්) යන අය සහ බුලත්සිංහල ‘‘මනෝ’’ කුකුල් මස් කඩය කේන්ද්‍ර කරගෙන, අයිස් මත් ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ, ප‍්‍රසන්න කුමාර හෙවත් බන්ඩා යන දෙදෙනාගේ අවශ්‍යතාවයට මට විරුද්ධව, නැවත වරක්, අයිස් මත් ද්‍රව්‍යය ආදේශ කර, රිමාන්ඞ් කරවීමේ උත්සාහයක, පොලීසිය යෙදී සිටී.
ඒ බව, පොලීසිය සමග සම්බන්ධකම් තිබෙන පුද්ගලයින් කිහිප දෙනෙකු මගින් දැනගන්නට ලැබින.
ඉල්ලා සිටින්නේ, ව්‍යාජ නඩු පැවරීමට දරන උත්සාහය වළක්වාලන ලෙසටය.
මෙයට, අ`ඵත්දුරගේ මනෝජ් පුෂ්පකුමාර
බුලත්සිංහල පොලිස් බල ප‍්‍රදේශයට අයත්, හල්වතුර ප‍්‍රදේශයේ, නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීම යටතේ, ව්‍යාජ චෝදනා නැගීමට දරන උත්සාහය වළක්වලන ලෙසට කරනු ලබන ඉල්ලීම.