මීට වසර 08 ½ ට පෙර එනම් 2016 ඔක්තෝබර් මස 14 දින, සාලිය වැව පොලිසිය ක්‍රිස්ටි නිවසට පැන තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 218,812.26 ක් තේක්ක දැව අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සෙ ජංගම ඉරුම් කට්ටලයක් සමග තවත් දෙදෙනෙකුවදඇතුළු අත්අඩංගුවට ගන්නවා. බි- වාර්තාව මගින් තිදෙනාවපුත්තලමේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට ඔවුන්ව ඇප මත මුදාහරිනවා. එතැන් පටන් අවුරුදු අටක් පුරා නඩුව අහලා, තීන්දුව 2024 මැයි 07වැනි දා ලබා දෙනවා. තුන් දෙනාවම සියලූ චෝදනාවලින් නිදොස් කොටස නිදහස් කරනවා.
2014 මෑයි 28 නඩුවට ආදාල භාණ්ඩ(අත් අඩංගුවට උසාවියට ඉදිරිපත් කරනලද තෙක්ක්), මුදා හරින ලෙසට මහේස්ත්‍රාත් නියෝග කරනවා. ක්‍රිස්ටි පුත්තලම මෙහ්ස්ත්‍රාත් අධිකරණයේ රෙදිස්ටාර් ඇතුළු, භාණ්ඩ අදාළ වගකිව යුතු නිලධාරීන් වෙත ගොස් තීන්දුවට අනුව නඩු භාණ්ඩ නිදහස් කරන ලෙසට ඉල්ලනවා.
එම නිලධරයන් නඩුවට අදාල තේක්ක දැව උසාවියේ නැති බව ඔහුට වාචිකව දැනුම් පවසා, උපදෙස් දෙනවා නඩු භාන්ඩ් උසාවියේ නැති නිසා, සාලියා වැව පොලිසියට ගොස් අහන්න කියා. ඒ අනුව ක්‍රිස්ටි සාලිය වැව පොලිසියට ගොස්, ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද තෙක්ක කඳන් ඉල්ලා සිටිනවා.
පොලිසිය කියන්නේ අපි දන්නෙ නෑ. නඩු භාණ්ඩ තියෙන්නේ උසාවියේ කියලා!!
කවුද හොරා කියන්නේ කවුද! කවුද ෙබාරු කියන්නේ කියලා ක්‍රිස්ටි දන්නේ නෑ!!
ක්‍රිෂ්ටි තමා සන්තකයේ තිබුන, සාලිය වැවපොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද, තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 218,812.26 ක් තේක්ක වලට මොකද වුනේ කියලා දැනුම් දෙන ලෙසට සාලිය වැව පොලිසියෙන් මෙන්ම පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් ඉල්ලා සිටිනවා. අධිකරණයෙන් පිළිතුරක් නැහැ. පොලිසිය විමසුමක් කරන්න පටන් ගන්නවා. පසුගියදා ආණමඩුව සා.පො.අ. ක්‍රිස්ටිව කැඳවා, උපදෙස් දෙනවා, පොලිසියට ගොස් අතුරුදහන්වු බව කියන, “තේක්ක” හඳුනා ගන්න කියා. ඔහු පොලිසියට ගොස් පරික්ෂා කිරිමේදි පැහැදිලි වෙනවා, ඉහල පොලිස් නිලධාරින් උත්සහා කරන්නේ “පොලිසිය සිදුකළ තේක්ක සොරකම” යට ගැසිමට සැළසුම් සහගතව ක්‍රියා කරන බව.
වාර්තාගත මූලික අයිතිවාසිකම්නඩුවක් වන පද්මා- ක්‍රිෂ්ටි එරෙහි සාලිය වැව පොලිසිය, නඩුවේ පෙත්සම් කරුවකු වන්නේ ක්‍රිස්ටිය.
S.C. (FR) Application No. 298/2005
http://www.janasansadaya.org/uploads/files/02-%20298-2005.pdf