01. වැ.බ. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01
02. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
ජේ.පො.අ. කාර්යාලය
පානදුර
පානදුර දකුණ පොලීසිය, යම් හේතුවක් මත, බරපතල අපරාධයක් වසන් කර,
ව්‍යාජ චෝදනා නගමින් පීඩාවට පත් කිරීම.
සුමනාවතී , අවු: 92, උපන් දිනය: 1932.03.18, දරුවන් 06 යි, වැන්දඹු, අංක: පානදුර. දු.අ. 038 22
2025.01.10 වන දින දීය.
මෙසේ ප්‍රකාශ කර සිටිමි.
2024 සැප්. 30 වන දින, යාබද, ‘‘සණස’’ කාර්යාලයේ නිරෝෂන්, ඔහුගේ බිරි`ද නිසංසලා, තනූජා, රම්‍යලතා ඇතුලූ හය දෙනෙකු පමණ, ගේට්ටුව කඩා වත්තට ඇතුලූවුනා. ඇතුලූ වූ අය අත, ගල් හා පොලූ තිබුණා.
ඔවුන්, මට හා මාගේ දියණියන් තුන් දෙනාට, කුණුහරුප කියමින්, බනිමින්, තල්ලූ කරමින් පහර දුන්නා. මොවුන් උදේ සිටම, විටින් විට, වත්තට ඇතුලූව, බනිමින් සිටියා. දවල්, එම පිරිසට, කෝවිල අසල, මල් කඩයක් කරන, ‘‘නිිම්මි’’ යන ගැහැණිය එතැනට පැමිණ, කුණුහරුප කියමින්, බනිමින් තර්ජනය කළා.
නිරෝෂන් නැමති අය, ගේට්ටුවේ පොල්ලක් කඩා, බෙල්ලට තියා තල්ලූ කරන ගමන්, මුහුණට අතින් ඇන්නා. මගේ වම් ඇසට වැදුනා. ලේ ආවා. එසේ හිරිහැර කර, මටත් දියණියටත් ගෙදරින් පිටවුනොත් මරණ බවට තර්ජනය කළා. එම තත්ත්වය තුළ, මට රෝහලට යන්න බැරිවුනා. පසුදින 2024.10.01, උදේ පානදුර මූලික රෝහලට පැමිණියා. මා පහරදීම ගැන වෛද්‍යවරුන්ට කිව්වා. මා රෝහලට ඇතුළත් කළා. වම් ඇසට තද බල ලෙස තුවාල වී තිබුණා.
මා රෝහලේ, 2024.10.01 සිට 2024.10.14 දක්වා, දින 14 ක් නේවාසිකව ප්‍රතිකාර ගත්තා.
2024.10.14 වන දින ටිකට් කපන බව ප්‍රකාශ කළා. මගේ දුවට කිව්වා, රෝහල් පොලීසියට ගිහිල්ලා, කටඋත්තරයක් අරගන්න කියලා කියන්න කියා.
ඊට පස්සේ, රෝහල් පොලීසියෙන්, දුවගෙන්, විස්තර අහගෙන කටඋත්තර ලියා ගත්තා.
මාව, අධිකරණ වෛද්‍යතුමා වෙත ඉදිරිපත් කළා. අධිකරණ වෛද්‍ය නිලධාරී, පරීක්ෂා කළා.
මට, පහර දීමේ සිද්ධියට, දැනට මාස 03 ක් ගතව ඇත.
මෙම පහරදීම ගැන, පානදුර දකුණ පොලීසිය, පානදුර, දුම්රියපොල පාරේ පිහිටි, සණස කාර්යාලයේ වැඩ කරන නිසංසලා නැමති අයගේ සැමියා වන නිරෝෂන් නැමැත්තාට එරෙහිව නීතිමය පියවර ගෙන නැත.
මෙම පහරදීම ගැන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර නැත. ඒ මගින්, අපරාධ වින්දිතයෙකුට නීතියෙන් හිමි, ප්‍රතිකාර දීමනාව පවා අහිමි කර ඇත.
පානදුර දකුණ පොලීසිය, මෙම සිදුවීම සැලසුම් සහගතව, නිරෝෂන් යන අපරාධකරු, ඔහුගේ බිරි`ද ඇතුලූ ඉහත නම් කළ පිරිස සමග, යම් හේතු කාරණා මත, නීතිය ක්‍රියාත්මක නොකළ බව කීමට සිදුව තිබේ.
ඉල්ලා සිටින්නේ, රංචු ගැසී, මට පහරදීම නිසා, දින 14 ක් නේවාසිකව ප්‍රතිකර ලබා, අදටත් සායනික ප්‍රතිකාර ගැනීමට සිදුකර තිබෙන, බරපතල අපරාධය ගැන, තවදුරටත් ප්‍රමාද නොකර ගරු අධිකරණයට වාර්තා කර, නීතිමය පියවර ගන්නා ලෙසටය.
මේ සමග, මට ප්‍රතිකාර කිරීම අදාළව, වෛද්‍ය සටහන්වල ජයාස්ථ පිටපත් කිහිපයක් දැ.ගැ.පි. ඉදිරිපත් කරමි.
ඉහත සියලූම කරුණු සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කර සිටිමි.
මෙයට,
සුමනාවතී