නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිනවන්න, බොරු නඩු දැමීම අපරාධයක්

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිනවන්න, බොරු නඩු දැමීම අපරාධයක්


වැ.බ. පොලිස්පති              
පොලිස් මූලස්ථානය         
කොළඹ 01

අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැමීම පිළිබඳව, විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

චතුරිකා, අවු: 40 යි, ජා.හැ.අ. 8556----- විවාහක, දරුවන් 02 යි, ගෘහනිය. ලිපිනය: ----- හිරණ, පානදුර.

-------- ගුණතිලක, අවු: 37යි, ජා.හැ.අ.  870----- දරුවන් 02 යි, තැඹිලි කැපීම, මාගේ සැමියා වේ.
    
2025.02.18 වන දින දීය.

2025.02.11 වන දින රාත්‍රී 9.00 ට පමණ, සැමියා, හිරණ පොලීසියෙන්, අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුනා.

ඒ අනුව මා, පුතා හා මාමණ්ඩිය සමග හිරණ පොලීසියට ගියා.

සැමියා කූඩුවේ හිටියා. ඔහු, කියා සිටියා, තමාව, හිරණ පොලීසියේ නිලධාරීන්, අත්අඩංගුවට ගත් බව. ඒ අවස්ථාවේ ඔහු සන්තකයේ, හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍යය නොතිබූ බව.

මා, පසුදින, 2025.02.12 උදේ, සැමියා බැලීමට ගියා. ඔහු මට කිව්වා, සඳරුවන් නිලධාරියා හමුවී, විස්තර දැන ගන්න කියා.

මා, ඔහුව හමුවී, අත්අඩංගුවට ගත් කාරණය විමසුවා. ඔහු ප්‍රකාශ කළා, සැමියා සන්තකයේ කුඩු (හෙරොයින්) තිබූ බවත්, ඒ ප්‍රමාණයට අනුව නඩු දාන බව.

මීට පෙර, අවස්ථා ගණනාවක, සැමියාට, “හයිකෝට්” නඩුවක් දාන බවට මෙම සඳරුවන් නිලධාරියා, තර්ජනය කර තිබුනා.

ඒ, ප්‍රදේශයේ මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකරන අජිත් නැමැත්තාගේ අවශ්‍යතාවයට.

ඒ ගැන මාගේ සැමියා, 2025.01.04 දාතමින්, ඔබ වෙත පැමිණිල්ලක් කර තිබුනා. එහි පිටපත අමුණා එවමි.

මාගේ සැමියා, 2024 වසරේ දෙසැම්බර් මස සිට, මැයි මස දක්වා මාස 04 ක කාලයක්, මහර පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වූ අයෙකු වේ. ඔහු නිවසට පැමිණ මාස 02 කට වැඩි කාලයක් මත්ද්‍රව්‍යය භාවිතා නොකර සිටි බවද ප්‍රකාශ කරමි.

ඉල්ලා සිටින්නේ, මාගේ සැමියා, මත්ද්‍රව්‍ය්‍ය භාවිතා කොට, පුනරුත්ථාපනය වූ අයෙකු බවත්, එසේ තිබියදී, නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිනවන්න, බොරු නඩු දැමීම අපරාධයක් හෙයින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, සැමියාව මුදාහාරින ලෙසටය.

 චතුරිකා