01. වැ.බ. පොලිස්පති-02. මානව හිමිකම් කොමිෂන් සභාව- 03. ජාතික පොලිස් කොමිෂන් සභාව 04. ජාතික ළමාරක්ෂක අධිකාරිය 05. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත, 2025.02.28 වන දින, මිත්තනිය වන ලලිතා, අවු: 55 යි, කර තිබෙන පැමිණිල්ලෙ මෙසෙ සඳහන් වෙ. බේරුවල පොලීසිය, නීති විරෝධව අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, කිරි දෙන මාස15 දරුවා මවගෙන් බලයෙන් ඉවත් කර, 18 හැවිරිදි මව රිමාන්ඩ් කරවීම. අත දරුවෙකුගේ ජීවිතය බේරා දෙන ලෙසට කරන ඉල්ලීම. සඳරුවනි, අවු: 18 යි, දරුවන් 01 යි, මාගේ මිනිබිරිය වේ. 2025.02.23 දින රාත්රීෙ 8.00 ට පමණ, මාගේ මිනිබිරිය, අසල්වැසි ඥාතියෙකු වූ, ඉෂානි ගේ නිවසට ගොස් සිටියා. ඒ අවස්ථාවේ, එම නිවසට ඇතු`ඵ වූ, බේරුවල පොලීසියේ නිලධාරීන් පිරිසක්, එම නිවසේ, හිමිකාරිය වූ, ඉහත සඳහන් ඉෂානි අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සමගම, මාගේ මිනිබිරිය, සඳරුවනි හා නිවසට පැමිණ සිටි, රොෂාන් යන අයව අත්අඩංගුවට ගනු ලැබුවා. මිනිබිරිය අතවු, මාස15, උපතින්ම රෝගී දරුවා බලහත්කාරයෙන් ඇගෙන් ඉවත් කළා. පසුදින, ඔවුන් තිදෙනාව, ක`ඵතර මහේස්ත්රාෝත් අධිකරණයට ඉදිරිපත් කළා.මාගේ මිනිපිරිය, සඳරුවනි සන්තකයේ, හෙරොයින් ග්රෑ්ම් 10 කට වැඩි ප්රිමාණයක් තිබූ බවට චෝදනා කළා. මාගේ මිනිපිරිය, මත්ද්රිව්යහය, හෙරොයින්, භාවිතය හෝ විකිණීම හෝ සිදුකරන්නේ නැහැ. ඇයගේ, මව හා පියා ජීවතුන් අතර නැහැ. පියාව යමෙක් ඝාතනය කළ අතර, මව “ඩෙංගු සෑදි” මිය යන ලදි. සැමියා මේ වනවිට, මිනිබිරියව අතහැර දමා ඇත. ඇයව හා ඈගේ මාස 15ක්වු දරුවාව, නඩුත්තු කරන්නේ මා. හොරොයින් හෝ, වෙනත් මත්ද්රවව්යුයක් භාවිතා නොකරන, කිසි දිනෙක, මත්ද්ර්ව්යමය ජාවාරමට සම්බන්ධ නැති, එහෙත් මත්ද්රවව්යුය සම්බන්ධයෙන් චෝදනා ඇති, ඉෂානි නිවසේ සිටි නිසා, අත්අඩංගුවට ගෙන, ඇප ගැනීමට පවා නොහැකි වන අන්දමට, බොරු චෝදනා නගා, ගරු අධිකරණය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම බරපතල අපරාධයකි. මෙම රිමාන්ඩ් කරවීම නිසා, දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර නැති, තනි මව වන, මාගේ මිනිබිරිය සඳරුවනි ගේ රෝගී, මව් කිරි බොන, අඩු මාසයෙන් ඉපදී, අඛණ්ඩව ප්රේතිකාර ලබන මාස 15ක් වු දරුවාගේ ජීවිතය අනතුරට ලක්ව තිබේ. අපට, ඉහළ අධිකරණ වලට ගොස්, ඇප ලබා ගැනීමට, වත්කමක් නැත. ඒ නිසා මේ දක්වාම, අත්අඩංගුවට ගත් අවස්ථාවේ තිබුන බවට, ප්රකකාශ කළ, ග්රෑරම් 10 කට වඩා බර, හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් කර නොමැත. ■ යුක්තියේ නාමයෙන් ඉල්ලා සිටින්නේ, තවදුරටත් ප්ර,මාද නොකර, ඇය ළඟ තිබූ බවට කියන, හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් කර, රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කරන ලෙසට සහ, ■ ඉතා කෙටි කාලයක් තුළ, රස පරීක්ෂකගේ වාර්තාව එවන ලෙසට ආණ්ඩුවේ රස පරීක්ෂකට නියම කරන ලෙසටය. ■ තවද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දරුවා රැගෙන යෑමට ඉඩ නොදීම නිසා දරවා මුහුණදී තිබෙන ජිවිත අනතුර වැළැක්වීමට රිමාන්ඩ් බාරයේ සිටින මිනිබිරියට දරුවා බාර දීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින අතර, එසේ කරනු නොලැබුවහොත්, අවු: 1 යි මාස 3 ක් වූ, රෝගී දරුවාගේ ජීවිතය රැක ගැනීමට නොහැකිවනු ඇති බව ප්රුකාශ කර සිටිමි. මෙයට, ලලිතා (මිත්තණිය)