FR Application No: 338/2017 නඩු තීන්දුව

රංජිත්(ශාන්ත) ආණඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතික කර තිබෙන මුලික අයිතිවාසිකම්, උරුබොක්ක පොලීසියේ ස්ථානාධිපති රුක්මන් කුමාර, පො.රියදුරු සුභසිංහ, මහේෂ් විදානපතිරණ නැමති අය හා එක්ව උල්ංඝණය කරන ලද බවට, ප්‍රකාශ කරමින් මෙම නඩුව පවරන ලදි.

 ත්‍රිපුද්ග විනිසුරු මඩුල්ල ඒකමතිකව, ඉදිරිපත්වු කරුණු සැලකිල්ලට ගනිමින්, ''ශ්‍රේෂ්ධිකරණය මොනතරම් තීන්දු"" ලබාදි තිබුන ද, පොලිසිය උත්තරිතර නීතිය නොසලකමින්, අනීතිකව ක්‍රියා කරන බව පෙන්වා දෙයි.

 එමෙන්ම ආණ්ඩුව, රටවැසියන්ගේ හිමිකම් ආරක්ෂා කිරිමට පියවර ගෙන නොමැති බව අවධාරනය කරයි.

 ආණ්ඩුව සිය වගකීම ඉටු නොකිරිම නිසා, නියම කරන වන්දි මුදල ගෙවිම සිදුකරන්නේ බදු මුදල් වලිනි.

 රටවැසියන් තම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට, ආණ්ඩුවේ කාර්යභාරය ඉටු කරවා ගැනීමේවගකිම රට වැසියන්ට තිබේ. පොලීසිය පමණක් නොව සැම රාජ්‍යය ආයතනයක් රට වැසියන්ගේ හිමිකම් වලට තර්ජනයක් විම වළක්වා ගැනිම, හිමිකම් ආරක්ෂා කිරිම ජනාධිපති ප්‍රමුඛ මැති ඇමතින්ගේ වගකිම වේ.

 රට වැසියන් වශයෙන්, එම වගකීම ඉටු කරවා ගැනිමට ඉදිරිපත් විය යුතුයි.

 සම්පූර්ණ නඩු තීන්දුව > Judgments -244