පොලීසිය විසින්, වරෙන්තුවක් තිබෙන බවට තර්ජනය කරමින්,ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට දරන උත්සහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
පොලිස්පතිහා මානව හිමිකම් කොමිෂන් සභාව ට ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ල.
පොලීසිය විසින්, වරෙන්තුවක් තිබෙන බවට තර්ජනය කරමින්,ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට දරන උත්සහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
දුමින්ද ----, අවු: 40 යි, ජා.හැ.අ. 8505--- විවාහක, රැකියාව: වඩු කාර්මික, ලිපිනය: ------මොරටුව.දු.අ. 072 ---------
2025.03.14 වන දින දීය.
2024 සැප්තැම්බර් මස දිනක, එගොඩ උයන පොලීසියේ, සැරයන් අමිල නිලධාරී. මාගේ පියාව හමුවී, පුතාට වරෙන්තුවක් තියෙනවා, පොලීසියට එන්න කියන් යයි කියා තිබුනා.
මට විරුද්ධව නඩුවක් නොමැති නිසා, වරෙන්තු වීමක් සිදුවිය නොහැකි බව, මා පියාට ප්‍රකාශ කළා.
එයින් දින දෙකකටපමණ පසුව, එගොඩ උයන පොලීසියේ, පො.කො. ඩයස් තවත් අයෙක් සමග ගෙදරට ගොස්, පියාට කියා තිබුනා, මට වරෙන්තුවක් තියෙනවා, පොලීසියට එන්න කියන්න කියා.
එම පණිවුඩය අනුව මා, එගොඩඋයන පොලීසියට ගොස්, බංඩාර නිලධාරී හමුවුනා.
බංඩාර නිලධාරී, මට සහතික කර කිව්වා, නඩුවක් නැති බව.
ඉන්පසු මා, මොරටුව, සා.පො. අධිකාරී හමුවී, පොලීසියෙන් පැමිණ, මට වරෙන්තුවක් තිබෙන බව ප්‍රකාශ කරන බවත්, බංඩාර නිලධාරී, මට නඩුවක් නැති බව ප්‍රකාශ කරන බවත්, මෙම පසුබිම තුළ, මා පීඩාවට පත්ව තිබෙන බබත් ප්‍රකාශ කළා.
සා.පො.අ. මොරටුව, මා ඉදිරිපිටදීම, එගොඩ උයන පොලීසියට, ඇමතුමක් ගෙන, විමසා, මට වරෙන්තුවක් නැති බව සනාථ කළා.
2025.03.13 (පෝය දින) උදේ 9.00 ට පමණ, එගොඩ උයන පොලිස් ස්ථානයේ, උ.පො.ප. නීල්, පො.කො. චන්දික, සැරයන් රත්නායක යන තිදෙනා, පොලීසියේ ත්‍රීරෝද රථයෙන්, මාගේ නිවසට පැමිණියා.
ඔවුන් නිවස සෝදිසි කළා. හේතුව කිව්වේ නෑ.
සෝදිසියෙන් පසුව, උ.පො.ප. නීල්, උඹට “බෝතල් 45” ක නඩුවක් තියෙනවා නේද කියා ඇසුවා.
මා, ඔහුට ප්‍රකාශ කළා, මට විරුද්ධව කිසිම නඩුවක් නැති බව. ඔහු හා අනෙක් නිලධාරීන් දෙදෙනා, මට කියා සිටියා, නඩුවක් දාන බව.
නීති විරෝධී මත්පැන් “බෝතල් 45” කට දලා තියෙන නඩුවට අමතරව තවත් නඩු දානවා කියමින් මට තර්ජනය කර යන්න ගියා.
මීට මාස 02 කට පෙර, නීති විරෝධී මත්පැන් චෝදනාවක් නගා නඩු දැම්මා. මා වැරදිකරු බව ප්‍රකාශ කර, දඩය ගෙවා නිදහස් වුනා.
ගිය වසරේ අගෝස්තු මස 29 වන දින, නීති විරෝධී මත්පැන් බෝතල් 50 ක් අඩංගු කෑලි (පැකට්) 08 ක්, එගොඩ උයන පොලීසිය අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුනා.
අත්අඩංගුවට ගන්නා ලද නීති විරෝධී මත්පැන් කෑලි (පැකට්) වලින් පොලීසිය රඳවාගෙන තිබෙන, කෑලි (පැකට්) දමා, මට විරුද්ධව ව්‍යාජ චෝදනා නගා නඩුවක් දැමීමේ උත්සාහයක් ඇති බව ප්‍රකාශ කරමි.
මෙම උත්සහය පිළිබඳව මා අද දින (2025.03.14) මොරටුව, සා.පො. අධිකාරී හමුවී පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ, මට සවන් දීම පවා ප්‍රතික්ෂේප කළ ඔහු, “හයිකොට්” එකක් දම්මවන බව ප්‍රකාශ කළා.
මා ඉල්ලා සිටින්නේ, නොකළ වරදකට, පොලිසියේ රඳවා ගෙන තිබෙන “නීති විරෝධී මත්පැන්” ආදේශ කර, නඩු පැවරීමට දරන උත්සාහය වළක්වාලන ලෙසටය.
මෙයට,
දුමින්ද