පුතා වෙනුවට, මව හා පියා, ප්‍රාණ ඇපයට ගැනීමට, වැලිපැන්න පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ගන්නා නීති විරෝධී උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
01. පොලිස්පති, 02. මානව හිමිකම් කොමිෂන් සභාව,03. ජාතික පොලිස් කොමිෂන් සභාව සහා 04. ක`ඵතර.ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
වෙත පියා කරන ලද ලිඛිත පැමිණිල්ල.
පුතා වෙනුවට, මව හා පියා, ප්‍රාණ ඇපයට ගැනීමට, වැලිපැන්න පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ගන්නා නීති විරෝධී උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
වසන්ත කුමාර දේශප්‍රිය, අවු: 50යි, ජාහැ.අ.751921020ඩ, විවාහක, දරුවන් 04 යි,
රැකියාව : රියදුරු.
ලිපිනය : මැණික්ගොඩ, නවුත්තුඩුව, මතුගම. දු.අ. 07771919297
2025.03.22 වන දිනදීය.
2025.03.21 (ඊයේ) දින, ප:ව:1.00 පමණ, වැලිපැන්න පොලිසියේ නිලධාරීන් පිරිසක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග පැමිණියා. ඔවුන් නිවස වටකර, අපගේ තුන්වෙනි දරුවා වන, අවු: 18 වන, මලිඳු ශාන් දේශප්‍රිය, ඉන්නවාද කියා විමසුවා.
ඒ අවස්ථාවේ පුතා ගෙදර හිටියේ නැ. ඔවුන් නිවස සෝදිසි කළා. කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක්/භාණ්ඩයක් හමුවුනේ නැහැ.
කණ්ඩායමේ සිටි විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරී, මට තර්ජණය කරමින්, පුතා හංගාගෙන ඉන්නවා යයි අභූත චෝදනා කළා.
ඔවුන්, සවස 5.00 ට පෙර, පුතාව වැළිපැන්න පොලිසියට ඉදිරිපත් නොකලහොත්, මාව හා මාගේ බිරිඳව, අත්අඩංගුවට ගෙන, පුතා ඉදිරිපත්වන තුරු රඳවා තබා ගන්නා බවට තර්ජණය කර පිටත්ව ගියා.
මීට පෙර අවස්ථාවකදී, පුතා රැගෙන ගොස්, මත් ද්‍රව්‍ය තිබූ බවට, ව්‍යාජ චෝදනා නගා, රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. එම නඩු තවම පවතිනවා.
2023 - 2024 දී, එම බොරු නඩු දමන ලද්දේ, බාහිර පුද්ගලයින්ගේ බලපෑමට. මෙවරද ඒ ආකාරයටම පුතාව අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීමට, වැලිපැන්න පොලිසිය උත්සාහ දරනවා.
විශේෂයෙන්, පුතා වෙනුවට, මාව හා බිරිඳව, ප්‍රාණ ඇපයට ගෙන, රඳවා තබා ගැනීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසට ඉල්ලා සිටිනවා.
අප දෙදෙනාව ප්‍රාණ ඇපයට ගැනීම මගින්, මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටින දියණීය ඇතුලු, ඉතිරි දරුවන් දැඩි පීඩාවට පත් වෙනවා.
පුතා වෙනුවට, මව හා පියා, ප්‍රාණ ඇපයට ගැනීමට දරන උත්සාහය වළක්වාලන ලෙසට ඉල්ලා සිටින අතර, එය නීති විරෝධී ක්‍රියාවක් බවද ප්‍රකාශ කර සිටිමි.
වසන්ත කුමාර දේශප්‍රිය.(පියා)