Comercial Credit Finnace සමාගම විසින් කල්බදු ක්‍රමයට ලබා ගත් ත්‍රි රෝද රථය පැහැරගෙන යෑම, එහි තිබූ රු:-ලක්ෂ 2කට ආසන්න මුදල්, ලිපි ලේඛණ, හා භාණ්ඩ, මංකොල්ලකෑම හා මොරටුමුල්ල පොලිසිය විසින් පැමිණිල්ල බාර නොගැනීම
ලිඛිත පැමිණිල්ල
කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගම විසින් කල්බදු ක්‍රමයට ලබා ගත් ත්‍රී රෝද රථය පැහැරගෙන යෑම, එහි තිබූ රු:-ලක්ෂ 2කට ආසන්න මුදල්, ලිපි ලේඛණ, හා භාණ්ඩ, මංකොල්ලකෑම හා මොරටුමුල්ල පොලිසිය විසින් පැමිණිල්ල බාර නොගැනීම.
ජනිත, අවු: 35යි, ජා.හැ.අ.198916700079, විාහක, දරුවන් 03 යි, රැකියාව : පෙදරේරු.
ලිපිනය : 50/19/1, තොටුපල පාර, මිරියවත්ත, කෙසෙල්වත්ත, පානදුර.
දු.අ. 0753975179
2025.03.22 දිනදීය.
20205.03.19 දින, මොරටුමුල්ල, පිළියන්දල පාරේ, ගංගාරාම පන්සල අසළ නවතා තිබූ, මාගේ උඡ-්ඊක්0484 දරන බජාජ් ත්‍රී රෝද රථය, මැර පිරිසක් පැහැර ගෙන යනු ලැබුවා.
මා ඒ අවස්ථාවේදීම, මොරටුමල්ල පොලිසියට ගොස්, සිදුවීම ප්‍රකාශ කළා. විස්තර අසා, නිලධාරී මහතකු මාගේ ජංගම දුරකථනය ලබාගෙන, කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමේ, මොරටු ශාඛාවට ඇමතුමක් ගෙන, විමසීමක් කරනු ලැබුවා.
ඒ අවස්ථාවේ දැනගනු ලැබුවා, ත්‍රී රෝද රථය පැහැරගෙන ගොස් තිබුනේ, කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගම ලබාදුන් කොන්ත්‍රාත්තුවකට , මැර කණ්ඩායමක් විසින් බව.
එම මැර කණ්ඩායමේ අනන්‍යතාවය, කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමේ නිලධාරීන් පොලිසියට හෙළි කිරීම ප්‍රතික්ෂේප කළා.
පොලිසිය උපදෙස් දුන්නා, එම කණ්ඩායම, 2025.03.20 දින උදේට පොලිසියට එවන ලෙසට.
ඉන්පසු, පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, මොරටුවේ, කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමට අයත්, වාහන අංගනය පරික්ෂා කිරීමට ගියා.
ඔවුන් ආපසු පැමිණ මට ප්‍රකාශ කලා, වාහනය අංගනයේ නැති බව. මට උපදෙස් දුන්නා, වාහනයේ තිබූ මගේ රු: 158,000.00 මුදල, රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, චෙක් පොත, ආයුධ කට්ටල, හෙට උදේට, (2025.03.20), කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සම්ගමේ, මොරටුව ශෘඛාවට ගොස් ලබා ගන්න කියා.
ඒ අනුව මා, 2025.03.20 දින, උදේ 9.00 ට පමණ, මොරටුව කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමේ ශාඛාවට ගියා. එහි කළමණාකරු හමුව, වාහනයේ තිබූ මුදල් හා ලිපි ලේඛණ, භාණ්ඩ බාරදෙන ලෙසට ඉල්ලා සිටියා.
කළමණාකරු හා එහි සේවකයින්, මාගේ වාහනයේ තිබූ භාණ්ඩ ගැන කිසිවක් නොදන්නා බව කියමින්, මට තර්ජණය කලා. ඔවුන් වැඩි දුරටත් කියා සිටියා මාවත් ‘උස්සනවා‘ කියා.
එයින් පසුව, මා මොරටුමුල්ල පොලිසියට ගොස් සිදුවීම විස්තර කළා. පැමිණිල්ල ලියමින් සිටින විට, එම ස්ථානයට පැමිණි උප පොලිස් පරීක්ෂක වරයෙක් (දුටුවොත් අඳුරන්න පු`ඵවන්) මම දැන් මැනේජර් ට (කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් - මොරටුව ශාඛාව) කතා කලා. උඹ බොරු කියන්නේ, ‘බොරු පැමිණිල්ලක් කරන්න ආවා’ කියා චෝදනා කරමින්, මාව අත්අඩංගුවට ගන්නා බවට තර්ජණය කලා. පැමිණිල්ල ලියන එක නතර කරන ලෙස, පැමිණල්ල ලියමින් සිටි නිලධාරිණියට කීම නිසා, තවදුරටත් රැඳී සිටීම අනවශ්‍ය හෙයින් මා ඉවත්වූවා.
මා අසරණව ගෙදර පැමිණ සිටින විට, 2025.03.21 දින, උදේ 9.09 පමණ මට කොමර්ශල් ක්‍රෙඩිට් මොරටුව ශාඛාවෙන් කතා කර කිව්වා, හෝමාගම අතුරුගිරිය පාරේ පිහිටි, සමාගමේ අංගනයට ගොස් වාහනය,භාණ්ඩ හා ලේඛණ බාර ගන්න කියා.
ඒ අනුව මා මාගේ බිරිඳ සමග, හෝමාගම, අතුරුගිරිය පාරේ පිහිටි, කොමර්ෂළ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගමට අයත් අංගනයට ගියා.
එහි මාගේ වාහනය තිබුනා. පරීක්ෂා කිරීමේදී, වාහනයේ ‘කැබිය‘ කඩා තිබුනු බව දැක්කා. එහි තිබූ මුදල් හා ලිපි ලේඛණ ඉවත්කර තිබුනා.
මා ප:ව: 4.00 පමණ, මොරටුව සහකාර පොලිස් අධිකාරී හමුවී, සිදුවීම විස්තර කළා. ප්‍රකාශයක් ලියා ගන්නේ නැතිව, මට මොරටුමුල්ල පොලිසියට ගොස් මාගේ පැමිණිල්ල කරන ලෙසට කියා සිටියා.
මොරටුමුල්ල පොලිසියෙන් මට සාධාරණයක් ඉටු නොවන බව කීවත් පිළිගත්තේ නැහැ.
එම නිසා, මෙම ලිඛීත පැමිණිල්ල මා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර සිටිනවා.
1. කල්බදු ක්‍රමයට මිළයට ගන්නා ලද, වාහනය පැහැරගෙන යෑම, නීති විරෝධී බව ප්‍රකාශ කර තිබියදීත්,
2. ඒ ආකාරයට පැහැරගෙන යෑම ගැන, පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතු බව, ජනාධිපති, පොලිසිය ඇතුලු වගකිවයුත්තන් , පොලිසිවලට නියම කර තිබියදීත්,
■මොරටුමුල්ල පොලිසිය හා කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගම, නීතිය නොතකා, මැර කණ්ඩායම් යොදාගෙන, වාහනය පැහැරගෙන යෑම,
■එසේ පැහැරගෙන ගිය වාහනයේ තිබූ රු: 158,000.00 මුදල, හැඳුනුම්පත්, රු: 20,000.00 වැඩි ආයුධ කට්ටල් පැහැරගෙන ගොස් ඇත.
අදාළ සිදුවීමට එරෙහිව, නොපමාව නිසි නීතිමය පියවර ගෙන, ගරු අධිකරණයට වාර්තාකර, යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි.
මෙයට,
ජනිත
පිටපත්:
1. පොලිස්පති,
2. ලේකම් -මහජන ආරක්ෂක අමාත්‍යංශය
3. මානව හිමිකම් කොමිෂන් සභාව
4. පොලිස් කොමිෂන් සභාව.