සභාපති                                   
මානව හිමිකම් කොමිෂන් සභාව        
අංක: 14, ආර්.එ්. ද මැල් මාවත
කොළඹ 04

රාජකාරියේ යෙදී සිටියදී, (පුහුණුවන) සිදුවූ අනතුරකින්, සුවකළ නොහැකි ශ‍්‍රවණාබාධයකට පාත‍්‍රව සිටියදී, කෲර අමානුෂික වධ හිංසාවට පාත‍්‍ර කිරීම හා බලහත්කාරයෙන් ර`දවාගෙන සිටීම.

---- ප‍්‍රනාන්දු, අවු: 23 යි, ජා.හැ.අ. 200133103640, අවිවාහක,  රැකියා විරහිත, (සේවය හැර ගිය, නාවික හමුදාවේ, සාමාන්‍ය නැවි, යාන්ත‍්‍රික, අංක:----)

ලිපිනය: 134/, පානදුර.
දු.අ. 078 517

2025.04.21 වන දින දීය.

2020.08.05 වන දින, විධිමත්ව, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ, ‘යාන්ත‍්‍රික’ නාවික භටයෙකු වශයෙන් පහුණුවට බැදුනි.

02.  2021.04.21 දක්වා, මාස 09 ක්, ගාල්ල, බූස්ස නිපුන නාවික හමුදා ක`දවුරේ පුහුණුව ලබාගන්නා ලදි.

03. 2021.05.02 දින සිට, ආධුනික නාවික සෙබෙලෙකු වශයෙන්, යාපනය, පුන්ගුඩතිව්, ගෝඨයිම්බර නාවික හමුදා ක`දවුරට එක්ව, රාජකාරි කරන ලදි.

04. එයින් අනතුරුව, ත‍්‍රිකුණාමලය නාවික හමුදා ක`දවුරට, කිමිදුම් පාඨමාලාව හැදෑරීම ස`දහා මාරු කරන ලදි. එම කිමි`දුම් පාඨමාලාව, මාස 06 ක් විය.

05. එම පාඨමාලාව හදාරමින් සිටියදී, කණේ ආබාධයක් ඇතිවිය. එයට, ත‍්‍රිකුණාමලය, නාවික හමුදා රෝහලේ, මූලික ප‍්‍රතිකාර කර, ත‍්‍රිකුණාමලය මූලික රෝහලට, වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා යොමු කරන ලදි.

05. එම රෝහලේදී, කිමිදුම් කාර්යේ යෙදීම නිසා, දකුණු කණේ, සිදුරුවි ඇති බවත්, ශ‍්‍රවණ ආබාධ තත්ත්වයට පත්ව ඇති බවට නිගමනය කර ප‍්‍රතිකාර ලබාදෙන ලදි.

06. එම බර පතල සෞඛ්‍යය ගැට`ඵව නිසා, මා හට තවදුරටත්, පුහුණු කටයුතුවල යෙදවීමට නොහැකි බවට තීරණය කළ, ත‍්‍රිකුණාමලය - නාවික සාගරික විද්‍යාපීඨයේ ප‍්‍රධානීන් තීරණය කර, ගාල්ල වරාය මූලික කරගෙන තිබූ, රත්නදීප නෞකාවේ රාජකාරියට මාරු කරන ලදි.

07. එම නෞකාවේ, සාමාන්‍ය නාවික සෙබලෙකු වශයෙන්, 2023.07.17 දක්වා, වසරක්, රාජකාරි කරන ලදි.

08. අනතුරුව, නැවත, මාව, යාපනය, පුන්ගුඩතිවි, ගෝඨයිම්බර නාවික හමුදා ක`දවුරට මාරු කරන ලදි.

x    එසේ මරු කරන ලද්දේ, මාගේ ශ‍්‍රවණාබාධ තත්ත්වය තුළ, ගිනි අවි රාජකාරි, පිහිනුම්  රාජකාරි හා කිමි`දුම් රාජකාරි වලින් බැහැර කරය.

09. එම ක`දවුරේ, 2023.11.28 දින දක්වා, නුපුහුණු, සු`ඵ සේවකයෙකු වශයෙන් සලකා විවිධ කාර්යන්හි යොදවනු ලැබීය.

10. මට, රාජකාරි අවශ්‍යතාවයක් වශයෙන් කිමිදුම්, පුහුණු කටයුතුවල නිරතව සිටියදී, ඇතිවූ ශ‍්‍රවණාබාධය නිසා, උසස්වීමක් ලබාගැනීමට නොහැකි තත්ත්වයකට පත්කරනු ලැබීය.

11. මා, රාජකාරියේ අවශ්‍යතාවයට පුමුණුවේදී සිදුවූ, ශ‍්‍රවණාබාධයක් වුවද, සුදුසු පාඨමාලා ස`දහා අයදුම් කළද, ඒවාට සහභාගී වීමට ඉඩ ලබා නොදෙන ලදි.

12. එම අයුක්ති සහගත, සැලිකිලි හා සෞඛ්‍යය තත්ත්වය මත, වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කරන ලෙසට කරන ලද සිය`ඵම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලදි.

13. මා, පත්ව සිටි, දැඩි මානසික පීඩනය තුළ, 2023.11.28, නිවාඩුවට පැමිණි පසුව, නැවත සේවයට වාර්තා කිරීම පැහැර හැරියෙමි.

14. 2024.03.10 වන දින, රාජකාරිය පැහැර හරින ලද නාවිකයෙකු වශයෙන්, පොලීසිය, අත්අඩංගුවට ගෙන, කොළඹ පරාක‍්‍රම නාවික හමුදාවට බාරදෙන ලදි.

15. පරාක‍්‍රම නාවික හමුදා ක`දවුරේදී, මාව, සිරගත කර, වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළා.

16. එහිදී, නැවත වරක්, මාගේ ශ‍්‍රවණාබාධිත තත්ත්වය තහවුරු කරනු ලැබීය.

17. එම වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව, දින 30 ක ද`ඩුවමක් නියම කර, වැලිසර ප‍්‍රධාන නාවික හමුදා ක`දවුරේ, ‘‘නාවික චරිත ශෝධනාගාරය’’ අංශයට මාරු කරනු ලැබිය.

18. එහි, මා සිරගත කරනු ලැබුවා.

19. සෑම දිනකම, උදේ 5.30 ට එළියට ගෙන, පෙළපාලි පුහුණු භූමියට ගෙන යනු ලැබුවා. එම භූමියේදී, පැයකට වැඩි කාලයක්, නිලධාරීන්, පොලූවලින් පහර දෙමින්, බිම පෙරලීමට, පිණුම් ගැස්සවීම, ඩිප් ගැස්සවීම, අසභ්‍ය වචන කියමින්, නින්දා කිරීමවලට භාජනය කරනු ලැබුවා.

20. එයින් අනතුරුව, සාමාන්‍ය නුපුහුණු කම්කරුවන්ගේ රාජකාරිවල යොදවනු ලැබුවා.

21. දින 30 කින් පසුව, නැවත, කොළඹ පරාක‍්‍රම නාවික ක`දවුරට මාරු කරනු ලැබුවා.

22. එහිදී, ‘‘තණ්ඩලේ ගබඩා’’ අංශයේ, විවිධ නුපුහුණු කම්කරු, රාජකාරිවල යොදවනු ලැබුවා.

23. මෙම කාලය තුළ, මම ඉවත්වීමට අවසර ඉල්ලා, ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කළා.

24. එම ඉල්ලීම්වලට, ඉහළ නිලධාරීන් ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.

25. මාගේ රෝගී තත්ත්වය හා දැඩි මානසික පීඩනය යටතේ, 2024.09.17 වන දින, නිවාඩුවෙන් පසුව, රාජකාරියට වාර්තා කළේ නැත.

26. මා, රාජකාරියට වාර්තා කිරීම, පැහැරහරිනු ලබන්නේ, තවදුරටත් රෝගී මට, නාවික හමුදාවේ, අයුක්ති සහගත තාඩන පීඩනවලට යටත්ව ජීවත්වීමට නොහැකි නිසාය.

දැනට මාගේ වයස අවුරුදු 23 කි. නාවික හමුදාවට බැ`දුනේ අවුරුදු 19 දීය.

රාජකාරි පුහුණුවේදී, සිදුවූ, සුව කළ නොහැකි ආබාධයකින් පෙළෙන මා හට ඉල්ලා අස්වීමට ඉඩ නොදෙන්නේ, රු: 45,000/- ක දීමනාවකට, තවත් වසර 8 කට වැඩි කාලයක්, නුපුහුණු කම්කරුවෙකු ලෙස වැඩ ගැනීමටය. මට ජීවිතයක් නැතිකර දැමීමටය.
මෙය මාගේ මූලික අයිතීන් බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි.

ඉල්ලා සිටින්නේ, රාජකාරියට වාර්තා නොකිරීම යන අයුක්තිසහගත හේතුව මත, මා අත්අඩංගුවට ගෙන, නැවත, කෲර වධ හිංසාවන්ට පත්කර, රෝගී මාගෙන්, බලහත්කාරයෙන්, වැඩ ගැනීමට දරන උත්සාහය වළක්වා, මාගේ ඉල්ලා අස්වීම පිළිගන්නා ලෙසට නියම කරන මෙන්ය. අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙසටය.

මෙයට,

 ප‍්‍රනාන්දු