වරෙන්තුවකට, පියාව අත්අඩංගුවට ගැනීමට පැමිණ, නිවසේ භාණ්ඩවලටඅලාභ හානි සිදුකර, රු: 25,000/- ක මුදලක් සොරාගෙන,
01. පොලිස්පති, පොලිස් මූලස්ථානය
02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව
03. ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව
04. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, ක`ඵතර
වරෙන්තුවකට, පියාව අත්අඩංගුවට ගැනීමට පැමිණ, නිවසේ භාණ්ඩවලටඅලාභ හානි සිදුකර, රු: 25,000/- ක මුදලක් සොරාගෙන, ව්‍යාජ නඩු පැවරීමට දරන උත්සාහය වළක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
කුරු`දුකාරගේ නිලංග සම්පත් රත්නායක, වයස අවු: 39 යි, ජා.හැ.අ. 198619703255, විවාහක, දරුවන් 02 යි, රැකියාව: කුලී වැඩ, ලිපිනය: යාලමැඩිය, බටහේන, වලකඩ, මෝල්කාව.දු.අ. 07 68671514
2025.04.21 වන දින දීය.
කේ. ලීලාරත්න, වයස අවු: 67 යි, මාගේ පියා වේ.
2025.04.19 වන දින. සවස 2.00 ට පමණ, ඔහුව සොයාගෙන, (පියාව) බදුරලිය පොලීසියේ, නිලධාරීන් තිදෙනෙකු නිවසට පැමිණ ඇත. ඔවුන් තිදෙනාම, සිවිල් ඇ`දුමින් සිට ඇති අතර, බීමතින් සිට ඇත.
ඒ අවස්ථාවේ නිවසේ සිටියේ, මාගේ පියාත්, ඥාතියෙකු වන, උදය කුමාරත් පමණි.
වරෙන්තුවකට යැයි පවසමින්, පියාව, ගේ දොරකඩට රැගෙන විත්, පියා සමග එක් නිළධාරියෙක් රැදී සිට, අනෙක් දෙදෙනා, නිවස ඇතුළට ගොස්, කෑම කාමරයේ තිබූ, වී තම්බන මුට්ටිය හා ඇතිලියක් රැගෙන විත්, ගේ ඉදිරිපිට තබා ඇත.
එවිට, මාගේ පියා, වරෙන්තුවකට ආවා නම්, ඇතිලි මොකටදැයි විමසා ඇත. එවිට, නාකියා කට වහගනින් යැයි ඔවුන් පවසා ඇත.
ඒ අවස්ථාවේ, අපගේ මල් කපන අය වන, ජගත්ද නිවසට පැමිණ, තාත්තාව ගෙනියන්නේ ඇයිදැයි විමසා ඇති අතර, ඔහුට, අසභ්‍ය වචනයෙන් බැන වැදී, පහර දීමට උත්සාහ කර තිබේ.
එම නිලධාරීන්, තාත්තාව, බදුරලිය පොලීසියට රැගෙන ගොස් තිබුනා.
තාත්තාව, රැගෙන ගොස් පැය 1/2 කට පමණ පසුව, මා නිවසට පැමිණියා, එවිට, නිවසේ කාමරයට යන දොර කඩා, කාමරයේ හා මැද සාලයේ තිබූ, බඩු ඇද දමා, තිබුනා. ටී.වී. ස්ටෑන්ඞ් එකේ යට තට්ටුවේ තබා තිබූ, රු: 25,000/- ක මුදලද නැතිවී තිබුනා.
එදිනම, (2025.0419)මා, නීතිඥ උපදෙස් මත, මතුගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළා.
2025.04.20 දින, මාගේ පියාව, මතුගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළා. ශරීර ඇපයක් මත පියාව මුදා හැරියා.
පැල්මඩුල්ල, රක්වාන දිසා අධිකරණය, නඩු අංකය 85300 වේ.
පොලීසිය විසින්, තාත්තාට තර්ජනය කරමින්, පවසා ඇත්තේ, ‘‘අරූට (මා හට)පාරට බහින්න දෙන්නේ නෑ, අරක්කු බෝතල් 20 ක් දාලා, උසාවි දමන’’ බවටයි. තවද ඔවුන් පවසා ඇත්තේ, ‘‘ඒ.එස්.පී. ගාවට ගියාට අපි බය වෙන්නේ නෑ, පොලිස්පතිත් රිමාන්ඞ් කරපු එකේ අපිව රිමාන්ඞ් කරන එක මොකක් දැයි’’ යනුවෙනි.
මා හට, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ, නඩවක් පවතී. ඒ ගෝඩා ළ`ග තබාගත් බවටයි. මා එම නඩුවට නිවැරදිකරු යැයි කීම නිසා, පොලීසිය උරණව ඇති අතර මේ සිය`ඵ උප්පරවැට්ටි යොදවන්නේ, ඒ නිසා බව ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ, බදුරලිය පොලීසියේ නිලධාරීන්, සිවිල් ඇ`දුමින් සැරසී, බීමතින් පැමිණ, නිවසේ බඩු මුට්ටු කඩා, රු: 25,000/- ක මුදලක් රැුගෙන යෑම සම්බන්ධයෙන් නීත්‍යානුකූල හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, මට විරුද්ධව ව්‍යාජ නඩු පැවරීමට දරන උත්සාහය වළක්වාලන ලෙසටත්ය.
මෙයට,
කුරු`දුකාරගේ නිලංග සම්පත් රත්නායක