නඩුවට අවු: 20 යි. වින්දිතයාට වැඩකුත් නෑ. චූදිතයාට නිදහසකුත් නෑ.
නඩුවට අවු: 20 යි. වින්දිතයාට වැඩකුත් නෑ. චූදිතයාට නිදහසකුත් නෑ.
දුෂණය, අක‍්‍රමිකතාවය පාවිච්චි කරමින්, කිසිදු ගරුත්ත්වයක්, ලැජ්ජාවක් නැතිව නීතිය අවභාවිතා කරන, රාජ්‍යය හා රාජ්‍යය නොවන වෘත්තිකයින් ප‍්‍රමුඛ විවිධ තරාතිරම්වලට අයත් රාජ්‍යය සේවකයින්ගේ පැවැත්ම සහතික කරමින් පවත්වාගෙන යන ‘‘යුක්තිය පසි`දලීමේ’’ ක‍්‍රමය/ යාන්ත‍්‍රණය වෙනස් කරන්නට, සෑම තරාතිරමකටම අයත් බහුතර රටේ වැසියන්ට උවමනාවක් නැත්තේ, පවතින්නාවූ යුක්තිය පසි`දලීමේ ක‍්‍රමය, යාන්ත‍්‍රණය ගැන නොදැනුවත්කම නිසාද? එය වෙනස් කල නොහැක්කක් යන මතය ජන මනස තුළ හොල්මන් කරන නිසාද?
යුක්තිය පසි`දලීමේ ක‍්‍රමය/යාන්ත‍්‍රණය තුළ භාවිතා වන ‘‘නීතියේ ආධිපත්‍යය’’, ‘‘නීතිය කාටත් සමානය’’, ‘‘ආයතන ස්වාධීනය’’යන වදන්, ‘‘බොරු’’ බව, ජනයා නොදන්නවාද? එසේ නැතිනම් ‘‘බොරු’’ පිළිගන්න සූදානම් නිසාද?
පොලීසිය, දැරිය අපයෝජනය කිරිම අදාල නඩුව පැවරුවේ, චූදිත ගේ නිදහස සහතික කරමින්ය.
නඩුව මහේස්ත‍්‍රාත් උසාවියේ පවතින අතර, ලැබූ උපදෙස් අනුව, මව වන්දි නඩුවක් පැවරීය. නඩුව පැරදින. අභියාචනයක් කරන ලදි. නඩුව නැවත අසන ලෙසට තීන්දු කෙරින. දෙවන වරද නඩුව පැරදින. නැවත අභියාචනයක් කරන ලදි. දුප්පත්කම හරස් විය. වන්දි නඩුව අවසන් විය. නීතිඥවරුන්ට ගෙවන ලද ගාස්තුව ඇතු`ඵ වියදම් ග`ගට කැපූ ඉනි විය.
මහේස්ත‍්‍රාත් උසාවියේ නඩුව තවම පවතී. නීතිපතිට ගොනුව නැහැලූ.
විනය පරීක්ෂණ නැත. සැකකරු/චූදිතතවමත් රජයේ පඩි ලබති.
කුලියක් කර දවස ගෙවන මවට, පෝස්ටරයක් ලියාගෙන, ජ.නි. අනුර කුමාරගේ කාර්යාලය ඉදිරිපිට උස්සාගෙන සිටින්නට වත්කමක් නැත.
මාධ්‍ය නිහ`ඩයි. ළමා අයිතිවාසිකම් භුක්ති වි`දීමට තරම් සුපිරි පවුලක කුමාරි ඉපදී නැත.
ඇය කව්රුත් නොවේ.
8 හැවිරිදි කුමාරිට, කු/කෝන්වැව කණිෂ්ඨ විද්‍යාලයේ, 3 වසරේ දී, පහර කෑමට ලක්වන්නේ, එම විද්‍යාලයේ කොස්තාපල් බිරි`ද කරගත්, ආරියසිංහ නැමති ඉංග‍්‍රීසි උගන්වන ගුරුවරයාගෙනි.
පහර කෑමෙන් ඇය, රෝගාතුර විය. ඇය මානසිකව රෝගාතුර විය.
රටේ පවතින නීතිවලට අනුව, මෙම ගුරුවරයාට විරුද්ධව නීතිමය පියවර ගනු ඇතැයි මව ගේ විශ්වාසය විය.
ඇයට පොලීසිය එරෙහි විය. විදුහල්පති, රෝහල් කාර්ය මණ්ඩලය එරෙහි විය. අධිකරණ කටයුතු වලදී, දුප්පත්කම එරෙහි විය. නීතිය ක‍්‍රියාත්මක වූයේ නැත.