නීති විරෝධි අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගඅනීම් හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසට කරන ඉල්'ලීම.ය.
පානදුර, හිරන, පදිංචි කරුවන් වන අෂේන් හා සම්පත් 2025.04.29 දින, පොලිස්පති , මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාවහා ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී - පානදුර වෙත ලි.ප.තැ. කරන ලද පැමිණිල්ල- සිද්ධිය පැහැදිලි කරයි.
2025.04.27 වන දින මිතුරෙක් අප හමුවට පැමිණ ප‍්‍රකාශ කර සිටියා, හිරණ පොලිසියේ රාජකරි කරන පො.ප. සඳරුවන් නිලධාරි හා බුද්ධි අංශයට අනුයුක්ත කැළුම් නැමැති නිලධාරි දෙදෙනා එකතුව, අප ගෙන් පළිගැනීමට, අත්අඩංගුවට ගෙන, ර`දවාගෙන, බොරු චෝදනා දමා උසාවියට ඉදිරිපත් කිරිමට සුදානම් වන බව.
මීට පෙරද, කිහිප දෙනෙකු අප හමුවට පැමිණ, ඉහත කාරණය අපට පවසා, ප‍්‍රවේශම් වන ලෙසට අවවාද කර තිබුනා.
මේ ආකාරයට අප දෙදෙනාගෙන් පළිගැනීමට ඉහත නිලධාරින් සුදානම් වන්නේ 2025.04.14 අ`ඵත් අවුරුද්ද දිනයේ වු සිදුවීමකට බවද දැන ගැනීමට තිබේ.
මෙ දින,20125.04.14 අ`ඵත් අවුරුද්ද දිනයේ, බණ්ඩාරගම පොලිස් වසමට අයත්, කිඳෙල්පිටියේ,‘‘ලොක් අයියා’’ නැමති අයගේ, ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට ඔහුගේ මුලිකත්වයෙන් පවත්වන ලද ‘‘කැට පොළේදි’’ආරවුලක් (බහින් බස් වීමක්* ඇතිවිය.
එ් අතර, අසල, ‘‘ලොක් අයියා’’ සමග මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙක්, පැමිණ අපට පහර දෙන ලදි. අපද අපගේ ආත්මාරක්ෂාවට පියවර ගන්නා ලදි. එම ආරවුල සමථ විය.
පසුව, අප දැන ගත්තා, අපට පහර දුන්න, සිවිල් ඇඳුමින් සිටි දෙදෙනා, බණ්ඩාරගම පොලීසියට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් බව.
සමථ වු නිසා අප එම සිදුවීම ගැන පැමිණිළි කිරිමට පියවර ගත්තේ නැත.
මීට දින කිහිපයකට පෙර, එම සිදුවීමට සම්බන්ධ, බණ්ඩාරගම පොලීසියට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙක් වන, කැළුම් නැමැති නිලධාරි හිරණ පොලීසියට අනුයුක්තව පැමිණ සිටින බවත්, ඔහු, ඉහත සඳහන් කළ පරිදි, පො.ප. සඳරුවන් නිලධාරි සමග එක්ව, අප ගෙන් පළිගැනීමට, අත්අඩංගුවට ගෙන, ර`දවාගෙන, බොරු චෝදනා දමා උසාවියට ඉදිරිපත් කිරිමට සුදානම් වන බව, ආරංචි වුනා.
මොවුන් ඉල්ලා සිටින්නේ නීති විරෝධි අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගඅනීම් හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසටය.
අප, කිසිදු නීති විරෝධි ක‍්‍රියාවකට සම්බන්ධ නොමැති අය වන අතර, ආරක්ෂාව සඳහා මෙම පැමිණිල්ල කරනු ලබන බව ප‍්‍රකාශ කර සිටිමු.