1.පොලිස්පති, පොලිස් මූලස්ථාකය,කොළඹ.

 2. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය, 14 වන මහළ, සුහුරුපාය, බත්තරමුල්ල.

 අමතා කරන ලද පැමිණිල්ල

අඟුරාවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ලිංගික බලපෑම් හා පළිගැනීම සඳහා ව්‍යාජ චෝදනා නගා රිමාන්ඩ් කිරිම.

ඉමාලි, අවු: 36 යි, ජා.හැ.අ. 877----, විවාහක, දරුවන් 02 යි. ලිපිනය :-------(අගුරුවාතොට පොලිස් වසම). දු.අ.076 -----.

2024.0.29 දිනදීය.

 සිරි, අවු: 44, කම්කරු - වැලිගොඩ දැමීම , මාගේ සැමියා වේ.

සැමියා කාලයක සිට හෙරොයින් වලට ඇබ්බැහිව සිටි අයෙකි. එම කාලය තුල, අවස්ථා කිහිපයක ඔහුට විරුද්ධව, මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීම හා සොරකම් කළ බවට , චෝදනා නගා, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නඩු කීමට තරම් වත්කමක් නැති නිසා, වරද පිළිගෙන දඩ ගෙවා නිදහස්ව ඇත.

 අගුරුවාතොට පොලිසියේ වත්මන් ස්ථානාධිපති ආන්නද , සැමියා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම පදනම් කරගෙන, මාගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ කරන අතර, එම අයුතු යෝජනා ප්‍රතික්ෂේප කිරිම නිසා පළිගැනීමට, සැමියාට විරුද්ධව ව්‍යාජ චෝදනා නැගීම සිදුකරනු ලබයි.

 2024.04.26 දින, සැමියාට මෙම ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගන්නා ලදි. හේතුව විමසීමේදී කියා සිටියේ, මාලයක් කඩා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බවයි.

 පැමිණීලිකරුවන් , සැමියා නිර්දෝෂී අයෙකු බව තරයේ ප්‍රකාශ කර සිටින ලදි. එහෙත් ඔහුව නිදහස් නොකර, වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා රැඳවීම් නියෝග ගැනීමට ඇති බව පවසමින් පොලිසියේ රඳවා ගෙන සිටින ලදි.

 2024.04.28 දින, ඔහුව වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වූ නීතිඥ කාන්ති කන්නන්ගර මියට ඉදිරිාපත් කර, රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබීය.

 බෝම්බයක් හා කඩුවක් තිබූ බවට චෝදනා නගා තිබේ.

 පෙර සඳහන් කරන ලද පරිදි, සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවද, කඩු බෝම්බ තබා ගන්නා අයෙකු නොවේ.

 මාගෙ සැමියාට විරුද්ධව, බෝම්බ, කඩු , කිනිසි, ළඟ තබා ගැනීම හෝ වෙනත් බරපතල අපරාධ පිළිබඳව පෙර වැරදි හෝ චෝදනා හෝ නැත.

 මෙම ස්ථානාධිපතිවරයා, ඇප ගැනීමට නොහැකි වන පරිදි, ගරු අධිකරණය පාවිච්චි කර, රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, මාව ඔහුගේ අයුතු යෝජනාවලට එකඟ කරවා ගැනීමටය.

 2024.04.28 දින මා, සැමියාව රිමාන්ඩ් කිරීමෙන් පසුව, අගුරුවාතොට පොලිසියට ගොස්, මාලයක් කඩා ගත් බවට, චෝදනා කර අත්අඩංගුවට ගෙන, දවස් 02 ක් තබාගෙන, රැඳවූම් නියෝග ගන්නා බවට කියා, මහේස්ත්‍රාත්වරිය හමුවට ගෙන ගොස් බොරු චෝදනා නගා රිමාන්ඩ් කරවීම ගැන විමසා සිටියා.

 ඔහු මට අසභ්‍ය වචන කියමින්, බැණ වදිමින්, මාගේ අතින් අල්ලා කරකවා, කාමරයෙන් එළියට තල්ලුකර දැමුවා.

 ඒ අතර, මටද බෝම්බයක් දමා, හයිකෝට් නඩුවක් දමන බවට ප්‍රකාශ කලා.

 තවද, තොගේ මිනිහට, එළීයේ ඉන්න දෙන්නේ නැහැ කියමින්, කෑ ගසමින් කියා සිටියා.

 මේ සියල්ල පොලිසි් ස්ථානයේ CCTV කැමරාවල සටහන්ව තිබිය යුතුය.

 2023 ජනවාරි 18 සැමියාව අත්අඩංගුවට ගෙන, බන්ධණාගාර ගත කිරීමෙන් අනතුරුව, මෙම ස්ථානාධිපතිවරයා, මට ඉදිරිපත් කරන ලද අයුතු යෝජනා වලට විරුද්ධවීම නිසා, ඔහු මුහුණු පොතේව්‍යාජ ගිණුමක් සාදා, අපහාසාත්මක දේ පළ කරවනු ලැබීය.

 මා ඉ්ලලා සිටින්නේ, අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ආනන්ද නිලධාරියාගේ මේ නීති විරෝධී ක්‍රියා පිළීබඳව, කඩිනමින් විමර්හණයක් සිදුකර, යුක්තිය ඉටු කරන ලෙසට හා ගැහැණු ළමුන් දෙදෙනෙකු (එක් අයෙක් පරිවාසයේ සිටින අතර, අනෙක් දරුවා ආබාධිතය) නඩත්තු කරමින්, ජීවත් වන මාහට ආරක්ෂව සලසන ලෙසටය.

 මෙයට,

ඉමාලි

අඟුරාවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ලිංගික බලපෑම් හා පළිගැනීම සඳහා ව්‍යාජ චෝදනා නගා රිමාන්ඩ් කිරිම.භාර්යාව කරන ලද පැමිණිල්ල>