දේශබන්දු තෙන්නකෝන් මයා

පොලිස්පති

පොලිස් මූලස්ථානය

කොළඹ 01

 තෙබුවන පොලීසිය, පනාගොඩ, ------ මාරි නැමති, ගංජා විකුණන ගැහැණියකගේ අවශ්‍යතාවයට, “ජීව අත් බෝම්බයක්ළඟ තබා ගැනීමේ චෝදනාව දමා රිමාන්ඩ් කර, සිදුකරන ලද අපරාධය.

 ------ලක්ෂිකා , අවු: 42 යි, ජා.හැ.අ. ----3498V. වෙන්වී ඇත. දරුවන් 02 යි(දෙදෙනාවම හදාන් ගන්න චී ඇත.) ලිපිනය:- -----ගල්පාත. දු.අ. -------87

 2024.05.16 දින දීය.

 ----------ජීව, අවු: 36 යි, ජා.හැ.අ. ------28, අවිවාහක, රැකියාව: කුලී වැඩ. මාගේ මල්ලී වේ.

 2024.05.14 දින, ප.ව. 4.00 ට පමණ, අසල්වැසියෙකු වන, ---------මාරි නැමැත්තිය විසින්, දුරකථනයෙන් පොලීසියට කනර ලද පැමිණිල්ලක් මත, තෙබුවන පොලීසියේ හය දෙනෙකු ජීප් රථයෙන් පැමිණ, අත්අඩංගුවට ගනු ලැබුවා.

 මෙම------මාරි, මල්ලී, ඇගේ බැල්ලියට ගසා තිබෙන බවත්, අසභ්‍ය වචන කියමින් බැන වදින බවත් පොලීසියට පවසා තිබේ.

 ඒ අනුව, පොලීසිය පැමිණ, මල්ලී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගෙන, මාංචු දැමීමෙන් පසුව, ඔහුට පහර දුන්නා.

 පොලීසියට ගෙන ගොස්, කූඩුවට දමන ලදි. පසුදින, 2024.05.15 දින, උදේ, `ඵතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ, ඔහු සන්තකයේ ජීව අත් බෝම්බයක් තිබූ බවට, ගරු අධිකරණයට, පොලීසිය කියා සිටියා.

 නමුත්, අත් බෝම්බයක්, ගරු අධිකරණයට ඉදිරිපත් කළේ නෑ.

 මාගේ මල්ලී, ඔහුට, අරියාදු කරන බවට සැක කරන, පුද්ගලයින්ට, බීමත්ව බණින අවස්ථා තිබින. ඒ අවස්ථාවල පොලීසියට බලපෑම් කර, ඔහුට විරුද්ධව, ව්‍යාජ චෝදනා නගා, නඩු පවරා, පීඩාවට පත්කරනු ලැබේ.

එම පසුබිම තුළ, ඔහු, පෙර වැරදි ඇති අයෙකු වශයෙන් ලේඛන ගතව තිබේ.

 මෙම පසුබිම තුළ, අදටත් ගංජා විකිණීම කරන, --------කුමාරි විසින් කරන ලද පැමිණිල්ලකට, මල්ලීව අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා, ගරු අධිකරණය පාවිච්වි කර, රිමාන්ඩ් කරවා ඇත.

 කිසි දිනක, ආයුධ පාවිච්චි නොකරන, අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධයක් නැති, මාගේ මල්ලීව, ජීව අත් බෝම්බයක් තිබූ බවට, ව්‍යාජ චෝදනා නගා, රිමාන්ඩ් කරවූයේ, කාලයකට රිමාන්ඩ් එකේ ඉන්නට සලස්වා, “හොඳමිනිසෙක් කරන්නට බව, තෙබුවන පොලීසියේ, ස්ථානාධිපති රාජරත්න, මා සමග ප්‍රකාශ කළ බව කියා සිටිමි.

 තෙබුවන පොලීසියේ, ස්ථානාධිපති රාජරත්න නිලධාරියා ඇතු`, නිලධාරීන් කරන ලද මෙම අපරාධය නිසා, රෝගී මටත්, මාගේ අවු: 64 ක් වන රෝගී මවටත්, කුස ගින්නේ මිය යන්නට සලස්වා ඇත.

 මාගේ මල්ලී, පොලීසියේ අනුදැනුම ඇතිව, ගංජා විකුණන, -------මාරි නැමත්තියගේ බැල්ලියට ගැහැව්වාට හෝ ඇයට කුනුහරුපයෙන් බැන්නාට, එම චෝදනා යටතේ නඩු පැවරුවාට කමක් නැත.

 ජීව අත් බෝම්බයක් තිබූ බවට, අධිකරණයට බොරු කියා, රිමාන්ඩ් කරවීම මගින්, සිදුකරන ලද අපරාධය පිළිබඳව නොපමාව, පියවර ගෙන, කඩිනමින් ඔහුව, නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමි.

 නඩු අංකය: -------/24

 ඉදිරි දිනය: 2024.05.29

 මෙයට,

 -----ලක්ෂිකා


තෙබුවන පොලීසිය, පනාගොඩ, ------ මාරි නැමති, ගංජා විකුණන ගැහැණියකගේ අවශ්‍යතාවයට, “ජීව අත් බෝම්බයක්” ළඟ තබා ගැනීමේ චෝදනාව දමා රිමාන්ඩ් කර, සිදුකරන ලද අපරාධය.