01. පොලිස්පති, 02. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, 03. ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව

 ිඛිත පැමිණිල්ල

නීති විරෝධී ලෙද අත්අඩංගුවට ගෙන, වා තබාගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම.

 01. වැලිවිටගේ සුරේෂ් මධුෂාන් ප‍්‍රනාන්දු, අවු: 28 යි, ජා.හැ.අ.199633600894, විවාහක, රැකියාව: ලී බඩු පේන්ට්/ස්පේ‍්‍ර පේන්ට් කිරීම. ලිපිනය : නො: 28, ජාතික නිවාස, මෝදර, මොරටුව.

දු.අ.0762318045

 02. වැලිවිටගේ ප‍්‍රියන්ත ලක්ෂාන් ප‍්‍රනාන්දු, අවු: 39 යි, ජා.හැ.අ.198708303598

විවාහක, දරුවන් 01යි, රැකියාව: ක‍්‍රිකට් බැට් ඔප දැමීම.

ලිපිනය : 105/2, ආර්නෝල්ඞ් පෙදෙස, එගොඩ උයන, මොරටුව.

දු.අ.0760357605

 2025.04.01 දිනදීය.

 2025.03.30 වන දින, උදේ, අලූත් පාලම හංදියේ, බෝධිරාජාරාමයට, අපගේ පියාගේ තෙමස් හීල් දානය පිරිනැමවා.

 එදින පැමිණ සිටි, ඥාතීන්ට දහවල් කෑම ලබාදීම සහා අවශ්‍ය මාු මස් ගැනීමට, අප දෙදෙනා,සහෝදරයකු වූ වැලිවිටගේ ප‍්‍රියංක මධුසංඛ ප‍්‍රනාන්දු

( අවු: 30, ජා.හැ.අ.943252025, විවාහක, දරුවන් 02, රැකියාව: කාර්මික)සහ අපගේ ලාබාල දරුවන් 03 ගියා.

 අප ගෙදරින් පිටත්වූයේ උදේ 8.30 පමණ, අප යන අතර, උදේ 9 ට පමණ, මොරටුව, මුරවත්ත, ‘සර්විස්එක ඉදිරිපිටදී, මොරටුව පොලිසියේ නිලධාරීන් 02 හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 02කු විසින්, නැවැත්තුවා.

 ඔවුන් අපගේ, දුරකථන හා මුදල් අරගෙන, මොරටුව පොලිසියට ගෙන ගියා.

අපව, පොලිසිය තුලට ඇදගෙන ගියා. ඇතුලූ වෙනවාත් සමග අපට කොසු මිටකින් පහර දුන්නා.

 එසේ පහර දී, ‘අයිස්හා කුඩුදෙන ලෙසට ඉල්ලූවා. එසේ ඉල්ලන අතරද, අපට පහර දුන්නා. අවු: 10, අවු: 8 හා අවු: 3 දරුවන් තිදෙනා බලාගෙන සිටියදී පහර දීම සිදු කලා.

 අප කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන බව ප‍්‍රකාශ කලද, පිළිනොගෙන පහරදීම සිදුකලා. අපට පහර දුන්නේ පො.ප.සුලෝචන නැමැති නිලධාරියා.

 එසේ පහරදී, කුණුහරප කියා බනිමින්, අප තිදෙනාව කූඩුවට දැම්මා.

 සවස 6.30 පමණ, නිතිඥ ෂර්මිලා මහත්මිය පොලිසියට පැමිණ, පො.ප.සුලෝචන හමුවුනා.

 පසුදින, 2025. 03. 31 දින, දහවල් 1.30 පමණ, අපට, මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන ගියා. අප වෙනුවෙන්, නීතිඥ ෂර්මිලා මහත්මිය කරුණු දැක්වූවා.

 අධීකරණයෙදී අප දැනගත්තා, අප සන්තකයේ ගංජා ග‍්‍රෑම් 02 බැගින් තිබූ බවට බොරු චෝදනාවන් ඉදිරිපත් නර තිබෙන බව.

 2025.04.21 දින, අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියම කර, ශරීර ඇප මත මුදාහැරියා.

 පහරදීම නිසා, අපගේ අත් පා, පිට ඉදිමී තිබෙනවා.

 මා ඉල්ලා සිටින්නේ, කිසිදු නීති විරෝධී ක‍්‍රීයාවක් නොකරන අප තිදෙනාටම අමානුෂික ලෙස පහරදී, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා කර, නඩු පවරා, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණ්‍ය කරන ලද, මොරටුව පොලිසියේ පො.ප. සුලෝචන ප‍්‍රමුඛ නිලධාරීන්ට එරෙහිව, නිතිමය හා විනය පියවර ගන්නා ලෙසටය.

 මෙයට,

 01. වැලිවිටගේ සුරේෂ් මධුෂාන් ප‍්‍රනාන්දු.

 02. වැලිවිටගේ ප‍්‍රියන්ත ලක්ෂාන් ප‍්‍රනාන්දු

නීති විරෝධී ලෙද අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම.