සු`ඵ ව්‍යාපාරිකයෙකු වන 41 හැවිරිදි අසංක දෙදරු පියෙක්. ඔහු ප‍්‍රකාශ කරන්නේ තමා, මොරටුව සති පොලෙන් මිළයට ගත් ‘‘පොර කිකිළියක්’’ පානදුරේ ‘‘බබා’’ නැමැත්තාගෙන් සොරකම් කරපු‘සතෙකු' බවට චෝදනා කරන බවයි.
තමා එම ‘‘පොර කිකිළියව’’ බාර දීමට සුදානම් බව ‘‘පානදුර දකුණ පොලීසියට’’ කීවද, එය බාර නොගෙන ‘‘සොරාව’’ ඉල්ලමින් පිඩාවට පත්කරන බවත්, මෙම ‘‘බබා’’ නැමැත්තා පොලීසිය හා එක්ව අයුතු බලපෑම් කිරීමට පසුබිම කරගෙන ඇත්තේ, මීට වසරකට පමණ පෙර, පොලීසිය පවරන ලද ව්‍යාජ නඩුවකට වරද පිළිනොගෙන අභියෝග කිරීම නිසා බවත්, අසංක කියා සිටි.
මොහු සන්තකයේ අයිස් මි.ග‍්‍රෑ.5600 ක් තිබූ බවට චෝදනා කරන ලද නමුත් ‘‘රස පරීක්ෂක’’ වාර්තාව අනුව, ආදේශ කරන ලද ‘‘අයිස්වල’’ තිබී ඇත්තේ, ‘‘අයිස්’’ මි.ග‍්‍රෑ. 30 කි.
ඒ අනුව, නඩුව විභාගයට තබා ඇත. වරද පිළිගෙන දඩයක් ගෙවා නඩුව ඉවර කර ගන්නා ලෙසට පොලීසියේ බලපෑමට ඔහු යටත් නොවීම මත, පොලීසිය උරන වි සිටින බවද ඔහු කියා සිටි. අසත්‍ය චෝදනා වලට වරද පළිනොගත් විට, පොලීසිය අයුතු බලපෑම් කිරිම, පොදු තත්ත්වයයි.
බලපත‍්‍ර රහිතව සිදුකරන මත්පැන් ජවාරම හා මත්ද්‍රව්‍යය ජාවාරම සම්බන්ධ පවරන අති විශාල නඩු ප‍්‍රමාණය මගින් රජයට හිමිවන ආදායමට වඩා සිය ගුණයක් ‘‘බදු වලට අසු නොවී’’ උපයනවෘත්තිකයෝ බොහෝය.
බලපත‍්‍ර රහිතව සිදුකරන මත්පැන් ජවාරම හා මත්ද්‍රව්‍යය ජාවාරම සම්බන්ධ පවරන අති විශාල නඩු ප‍්‍රමාණය මගින් රජයට හිමිවන ආදායමට වඩා සිය ගුණයක් ‘‘බදු වලට අසු නොවී’’ උපයන වෘත්තිකයෝ බොහෝය.